අගාධයෙන් අගාධයකට තල්ලු කර දුම්රිය සේවාවේ අත්‍යවශ්‍යම විදුලි සංදේශනය පද්ධතිය

අගාධයෙන් අගාධයකට තල්ලු කර දුම්රිය සේවාවේ අත්‍යවශ්‍යම විදුලි සංදේශනය පද්ධතිය

රුපියල් බිලියන ගණනක් (ඇ.ඩො. මි.10 කට ආසන්න ප්‍රමාණයක්) වැය කර ආසියානු සංවර්ධන බැංකුවේ ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක කරන ලද දුම්රිය සේවාව සඳහා වූ " දීප ව්‍යාප්ත විදුලි සංදේශ පද්ධතිය" ( Island Wide Telecommunication Project) අද වන විට කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයක පවතී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ අප රටේ ප්‍රධාන පෙළේ පුද්ගලික විදුලි සන්නිවේදන ආයතනයක් විසිනි.

එම ආයතනය ඉතාම අකාර්යක්ෂම ලෙස මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් අද වන විට එය කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයක පද්ධතියක් බවට පත්ව ඇත. නමුත් ඔවුන් කෙසේ හෝ මෙම ව්‍යාපෘතියට අදාළ සියලු මුදල් ද ලබා ගෙන ඇති අතර ඒවාට අදාළ යෝජිත පුහුණු කිරීම්ද කිසිවක් හරි හැටි කර නොමැති අතර බොහෝ අඩු පාඩුද ඇත. එය එසේ තිබියදීත්, ඔවුන්ගේ බලපෑම් මත මුළු දුම්රිය සේවාවේ කාර්යාල දුරකථන පද්ධතියද මෙම පුද්ගලික සංනිවේදන ආයතනයටම ලබාදීම සඳහා පිඹුරුපත් සකස් කරමින් සිටී.

එසේ කිරීමට සැරසෙන්නේ මේ තාක් දුම්රිය සේවාවේ පවතින රජයට අනුබද්ධිත ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියලුම දුරකථන සේවා ඉවත් කර ඒ වෙනුවට මෙම පුද්ගලික ආයතනයේ දුරකථන සවිකිරීම සඳහාය. ඉතා පැහැදිලිවම මෙම ආයතනයේ අකාර්යක්ෂම තාවය පෙනි පෙනී තිබියදීත් මෙම ආයතනයටම මෙම සේවාවන් ලබා දීම තුළින් දුම්රිය සේවාව සඳහා කාර්යක්ෂම විදුලි සංදේශන පද්ධතියක් නොමැති වන අතර ප්‍රධාන වශයෙන්ම දුම්රිය සේවාවේ සිදු වන අනතුරුවත් හරි හැටි පාලනය කර ගැනීමට නොහැකි වීම ඉතා බරපතල ගැටළුවකි.

මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකර නීතිමය වශයෙන් ඔවුන්ව ඉවත් කර මෙවැනි ව්‍යාපෘති කර අත්දැකීම් ඇති ආයතනයකට ලබාදීමට කටයුතු කරන්න.

දුම්රිය නගාසිටුවීම සදහාවු වෘත්තීය සමිති එකමුතුව