වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව ආචාර්ය උපාධිය දිනා ගනී

වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව ආචාර්ය උපාධිය දිනා ගනී

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම්  පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී  චමල් සංජීව මහතා සෞඛ්‍ය ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර කළමණාකරණය   පිළිබඳ ආචාර්ය උපාධිය මැලේසියානු විවෘත විශ්වවිද්‍යාලයෙන් දිනා ගැනීමට සමත්ව ඇත.

දැනට ශ්‍රී ලංකාවේ රෝහල් පරිපාලන කටයුතු කරන රෝහල් අධ්‍යක්ෂකවරු අතරින් ආචාර්ය උපාධියක් දිනා ගැනීමට සමත්ව ඇති ලාබාලම සහ එකම රෝහල අධ්‍යක්ෂකවරයා වන්නේ දැනට වැඩ තහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව මහතාය.

සෞඛ්‍ය ආර්ථික විද්‍යාව හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සඳහා නව ආකෘති ඉදිරිපත් කිරීමේ ඇති හැකියාව ඒ මහතාගේ ආචාර්ය උපාධිය පදනම වී ඇත.

වෛද්‍ය චමල් සංජීව මහතා මීට පෙර රෝහල් පරිපාලනය රාජ්‍ය පරිපාලනය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිය ද දිනා ගෙන ඇති අතර ශ්‍රී ලංකා පරිපාලන කළමණාකරන ආයතනයෙන් නීතිය පිළිබඳ මූලික නීති ඩිප්ලෝමාව ද සම්පූර්ණ කොට ඇත.

ඒ මහතා රෝහල් පරිපාලනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපාධිය ද සම්පූර්ණ කොට ඇති අතර වසර තිහකට ආසන්න කාලයක් නිදහස් මාධ්‍යවේදියෙකු ජනමාධ්‍යවේදීහු හා ග්‍රන්ථ කතුවරයෙකු ලෙස කටයුතු කොට ඇත.

දැනට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙසද තවත් වෘත්තීය හා සිවිල් සංවිධාන රැසක සම්බන්ධ වූ කරුවෙකු ලෙස ද ඒ මහතා කටයුතු කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් අනතුරකින් සිදු කළ ඒ මහතා පසුගියදා ශ්‍රී ලංකාව තුළ මන්දපෝෂණ තත්ත්වය වැඩි වර්ධනය වීම සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මත සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වැඩ තහනමට ලක්කොට ඇත.

වැඩ තහනම් ඉන්පසුවද අඛණ්ඩව මේ මහතා සමාජයීය කටයුතු වල නිරතව සිටින අතර ඔස්ට්‍රේලියාව සහ මහා ප්‍රධාන රටවල් වලින් විශ්වවිද්‍යාලවලට එක්වීමට ලද ආරාධනා පවා භාර ගැනීමෙන් තොරව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කිරීම විශේෂයෙන් කැපී පෙනෙයි.

සෞඛ්‍ය පද්ධතියේ දියුණුව සඳහා සංචාරක සෞඛ්‍ය කර්මාන්තය ,ඩිජිටල් ක්‍රම තොරතුරු තාක්ෂණය ය ආරක්ෂණ ක්‍රම නව සෞඛ්‍ය ප්‍රතිපත්ති සකස් කිරිම ආදි විෂය පථයන් රැසක් ඔස්සේ මහතා කරුණු ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කොට ඇත.