ජාතික රෝහලේ සායනික වගකීම් පැහැර හැරීම ගැන විමර්ෂණයක් කරන ලෙස ඉල්ලයි

ජාතික රෝහලේ සායනික වගකීම් පැහැර හැරීම ගැන විමර්ෂණයක් කරන ලෙස ඉල්ලයි

ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි ක්ෂුද්‍රජීවවේදී අංශයෙහි සේවය කරණු ලබන සෞඛ්‍ය කාර්‍ය සහයකයින් දෙදෙනෙකු වන RMTS තිලකරත්න මෙනවිය සහ කසුන් ප්‍රියදර්ශණ මහතා මිලියඩෝසිස් රෝගයට අදාල ආසාධනයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී. ඔවුනගේ වැඩ පරිසරය පිළිබඳව සැලකිල්ලට ගැනීමේදී මෙම ආසාධනය රාජකාරිමය අනතුරක්  (Occupational Hazard) ලෙස සැලකීමට ඇති සාධක වැඩි බැවින් ඒ පිළිබඳව විධිමත් විමර්ෂණයක් සිදු කොට අදාල සේවකයන් දෙදෙනාට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෙත ලිපියක් යවමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මීට අදාලව පහත කරුණු කෙරෙහි ඔබගේ දැඩි සැලකිල්ල යොමු කරවමි.

1. අදාල ක්ෂුද්‍රජීවී අංශයෙහි ජීවාණුහරණ යන්ත්‍රය ක්‍රියා විරහිත වී වසරකට ආසන්න කාලයක් ගත වී ඇති අතර, ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිළධාරියා විසින් ඒ පිළිබඳව ක්ෂුද්‍රජීවවේදඥවරියව දැනුවත් කර ඇති නමුත් කිසිදු පිළියමක් ගෙන නැත. තත්වය එසේ තිබියදී ආරක්ෂිත ක්‍රමවේදයන්ට සම්පූරණයෙන්ම පටහැනි ලෙස ජීවානුහරණයෙන් තොරව ආසාධිත ක්ෂුද්‍රජීව වගාවන් පිරිසිදු කරන ලෙස අදාල සේවකයන්ට නියෝග කොට තිබීම.

2. සෞඛ්‍ය සහයක කසුන් ප්‍රියදර්ශන මහතා අදාල රෝගයෙන් ආසාධනය වී රෝහල් ගතව තිබියදී පවා, අදාල ක්ෂුද්‍රජීවවේදි විශේෂඥ වෛද්‍ය වරිය විසින්, සමාන රෝග ලක්ෂණ ඇතිවූ සෞඛ්‍ය සහයිකා RMTS තිලකරත්න මෙනවියට ප්‍රතිකාර සඳහා රෝහල් ගත නොවන ලෙස උපදෙස් දීම සහ බලපෑම් කිරීම.

3. සමස්ථ රෝහලට අදාල අසාධන පාළණ ඒකකයේ ප්‍රධානියා ලෙසත්, ව්‍යාධිවේද අංශයෙහි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි ප්‍රධානියා ලෙසත් අදාල ක්ෂුද්‍රජීවවේදඥ වරිය විසින් සිය රාජකාරීමය වගකීම් පැහැර හැර තිබීම

4. අදාල අංශය තුල ප්‍රධාන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ තනතුර සඳහා පත් කිරීමේදී නිවැරදී ජෞෂ්ඨත්වය නොසලකා පත් කිරීම් සිදු කිරීම සහ ඒ පිළිබඳව සිදුකරනු ලැබූ ඉල්ලීම් සියල්ල නොසලකා හැර කටයුතු කිරීම හේතුවෙන් ඇති වී තිබෙන තාක්ෂණික පරිපාළණමය ගැටළු.

එසේම අදාල ක්ෂුද්‍රජීවවේදඥවරිය විසින් අනවශ්‍ය ලෙස සාමාන්‍ය පරිපාළණයට අත පොවමින්, අත්‍යවශ්‍ය  තාක්ෂණික පරිපාළණය උපදේශන ක්‍රියාවලිය නොසලකා තිබීම පිළිබඳව මීට පෙර වතාවන් කිහිපයකදීම අප රෝහල් පරිපාළණයට කරුණු දක්වා ඇතත් එවන් කරුණු මගහැර තිබීමද මෙවන් ගැටළු ඇතිවීමට හේතුවක් බව අප විශ්වාස කරන අතර, එම කරුණුද සැලකිල්ලට ගනිමින් මේ පිළිබඳව විදිමත් විමර්ෂණයක් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.