දස වසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තිය එළි දකී

දස වසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තිය එළි දකී

ශ්‍රී ලංකාවේ දස වසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තිය (2021 -2030) එළිදැක්වීම  (03) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ අංශය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා මෙම "ජාතික පෝෂණ ප්‍රතිපත්තිය 2021 - 2030" සම්පාදනය කර ඇත.  මෙරට ජාතික පෝෂණ ප්‍රතිපත්තිය ප්‍රථමවරට සකසනු ලැබුවේ 1986 වසරේ දී වන අතර, වරින් වර සංශෝධන කිහිපයක් එයට එක් කර තිබේ. මෙය 2010 වසරේ නිකුත් කල ජාතික පෝෂණ ප්‍රතිපත්තියේ සංශෝධිත පිටපත වන අතර, එය 2020 - 2030 දශකය සඳහා යෝජිත ප්‍රතිපත්ති හා ක්‍රියාමර්ග වලින් මෙය සමන්විතය.

මෙම සංශෝධිත ප්‍රතිපත්තිය, සියලුම බහු ආංශික සහයෝගිතාවයෙන් සහ හවුල්කාරිත්වයෙන් සම්පාදනය කර ඇත.  එහෙත් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ පෝෂණ තත්ත්වය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමටත්, ආහාර සුරක්ෂිතතාවය සුරැකීමටත්, ආරක්ෂිත ආහාර සඳහා ඇති අයිතිය ආරක්ෂා කිරීම සඳහා වූ නීතිමය රාමුව ශක්තිමත් කිරීමටත්, සදාචාර විරෝධී අලෙවිකරණය වැළැක්වීමටත්, හදිසි අවස්ථා වලදී පෝෂණ ප්‍රවර්ධනය ඇතුළුව සෑම අවස්ථාවකදී ම ආරක්‍ෂිත හා සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය පිණිස අත්‍යාවශ්‍ය උපායමාර්ගික සැළැසුම් හා ප්‍රතිපත්ති වලින් සමන්විත වේ.

ජාතික පෝෂණ සභාව, ජාතික පෝෂණ ලේකම් කාර්යාලය, පෝෂණය පිළිබද ව වූ ජාතික මෙහෙයුම් කමිටුව, තාක්ෂණික උපදේශක කමිටුව, අමාත්‍යාංශ මෙහෙයුම් කමිටු, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු වැනි බහු ආංශික සම්බන්ධීකරණ ව්‍යුහයන් මගින් ජාතික, පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශිය මට්ටමින් බහු ආංශික පෝෂණ ක්‍රියාකාරී සැළැස්ම ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලැබේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජනාධිපති උපදේශක වෛද්‍ය බී.එම්.එස් බටගොඩ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා II) වෛද්‍ය සුසී පෙරේරා, අධ්‍යක්ෂ පෝෂණ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න යන මහත්ම මහත්මින් එක්ව සිටියහ.