ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක

ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක

දිවයිනපුරා සියලු රෝහල් හා සෞඛ්‍ය ආයතනවල ඖෂධවේදීන් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර කර තිබෙන බව වාර්තා වේ.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය විසින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදීන් 23 දෙනෙකු ඉවත් කිරීමට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි සංගමය පෙන්වා දෙන්නේ.

මෙම වැඩවර්ජනය අද දිනයට පමණක් සීමා වන බවයි එම සංගමය නිවේදනය කර ඇත්තේ.