මහජන සෞඛ්‍යය සුරකින නිලධාරීන් අසරණ වෙද්දී නඩු විසි වීමේ අවදානමේ වාසිය කාටද ?

මහජන සෞඛ්‍යය සුරකින නිලධාරීන් අසරණ වෙද්දී නඩු විසි වීමේ අවදානමේ වාසිය කාටද ?

ආහාර සෞඛ්‍යය සම්බන්ධව නෛතික කටයුතු වෙනුවෙන් රජයේ රස පරීක්ෂක වෙත බලයලත් නිලධාරීන් විසින් යොමුකරන සාම්පල විශ්ලේෂණයෙන් පසු ප්‍රතිඵල ලබාදීම පමාවීමේ අවස්ථා වාර්තාවෙයි.

ආහාර සෞඛ්‍යය සම්බන්ධව නෛතික කටයුතු වෙනුවෙන් රජයේ රස පරීක්ෂක වෙත බලයලත් නිලධාරීන් විසින් යොමුකරන සාම්පල විශ්ලේෂණයෙන් පසු ප්‍රතිඵල ලබාදීම පමාවීමේ අවස්ථා වාර්තාවෙයි.ආහාස සෞඛ්‍යය සම්බන්ධයෙන් යම් වරදක් වී නම් මාස තුනක් තුල අදාල නිෂ්පාදකයා, බෙදාහරින්නා,  අලෙවිකරන්නා ඇතුළු වගකිව යුතු පාර්ශව වලට එරෙහිව වරද  සනාථ කිරීමට නම් සාම්පලය ගෙන මාස තුනක් ඉකුත් වීමට මත්තෙන් නඩු පැවරිය යුතුය. එහෙත් මේ ආකාරයෙන් සාම්පල වලට අදාල රජයේ රස පරීක්ෂක වාර්තා ලබාදීම මාස තුනක් ඉක්මවා කල් යාමෙන් එම සාම්පල ලබාගත් නිලධාරීන්ට ඉදිරි නෛතික කටයුතු කිරීමට නොහැකි වෙයි. එහි අනියම් වාසිය ලැබෙන්නේ වරද කල බවට සැකකල කණ්ඩායමට වීමත් ඉන් මහජනතාවගේ සෞඛ්‍යය අනතුරේ වැටීමත් නිසා මෙය සුළුවෙන් තැකිය හැකි  ගැටළුවක් නොවන බව විශ්ලේෂකයෝ පවසති.

මීට අමතරව  සමහර රස පරීක්ෂක වාර්තාවල මුද්‍රිත කොටසට අමතරව අතින් යෙදූ සටහන් අක්‍රමවත් වීම නිසා බලයලත් නිලධාරියා නඩු පරාජය වූ අවස්ථාද වාර්තා වී ඇතැයි පැවසේ .මෙම තත්වයන් වහා නිවැරදි විය යුතු බව ආහාර සෞඛ්‍යය සම්බන්ධයෙන් කටයුතු කරන විද්වත්හු අවධාරණය කරති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවැරදි චිත්‍රය අවබෝධ කර ගැනීමට හා පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කිරීම වෙනුවෙන් රජයේ රස පරීක්ෂකගේ මතය විමසීම හා මේ සමග යා කර ඇති ලේඛණ පරිශීලනයද  ඔබට  වැදගත් වනු ඇත.