ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරින් මොකද කරන්නේ ? - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාරින් මොකද කරන්නේ ? - සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 
  • නිර්වින්දන ඖෂධ සංකූලතාවය හේතුවෙන් තවත් රෝගියෙක් මිය යයි
  • ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සඳහා ඉදිරිපත් කල ලිපි ගොණු තුන් දහසක් පමණ ගොඩ ගැසී තිබෙනවා
  • ලියාපංචිය නිසි කලට ලබා නොදීම, හිතුමතේට බාල ඖෂධ ගෙන්වීමේ වරෙන්තුවක් කරගෙන

පේරාදෙණිය ශික්ෂණ රෝහලට හර්නියා රෝගය සඳහා ශල්‍ය කර්මයකට ප්‍රතිකාර ගැනීමට ඇතුලත් වූ විදුහල්පතිනියක්, නිර්වින්දන සංකූලතාවයක් හේතුවෙන් පසුගිය 16 වනදා මිය ගොස් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මීට පෙරද ගර්භනීය මවක් මෙලෙස නිර්වින්දන ඖෂධයක් හේතුවෙන් මිය ගිය අතර, පසුගිය මාස කිහිපය ඇතුලත ඖෂධ සංකූලතා හේතුවෙන් ඖෂධ රැසක් භාවිතයෙන් ඉවත්  කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි.

ඖෂධ නියාමන අධිකාරිය තුල ලියාපදිංචියට ඉදිරිපත් කල ලිපිගොණු තුන් දහසක් පමණ කිසිදු ප්‍රතිචාරයක් නොමැතිව ගොඩ ගසා දමා ඇති අතර, ඇතැම් ලිපි ගොණු වසර පහකටත් වඩා ප්‍රමාද වී ඇත.

ඒ අතර ඖෂධ නියාමන අධිකාරියේ සහ ඖෂධ තත්වපාළණ රසායනාගාරයේ ඖෂධවේදීන් විශාල ප්‍රමාණයක් ඉවත් කර ඇති අතර, අවම වශයෙන් වෘත්තීයවේදීන්ගේ 126ක් සේවය කල යුතු නියාමාන අධිකාරියේ, දැනට ඉතිරිව ඇත්තේ ඉතා කණිෂ්ඨ වෘත්තිකයින්  37ක් පමණි.

ඖෂධවල සංකූලතාවය මැනීමේ කමිටුවද අහෝසි වන තත්වයකට පත්ව ඇති අතර, මිල කමිටුවේ තීරණ, අභියාචනා කමිටුවේ තීරණ, විශේෂඥ කමිටුවේ තීරණ, ඖෂධ තත්ත්වපාලන කමිටුවේ තීරණ සියල්ල, නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියාගේ අණසක යටතට පත් කර ගැනීම ක්‍රමාණුකූලව සිදු වෙමින් පැවතීම බරපතල තත්වයකි.

ඖෂධයක ගුණාත්මක තත්වය සඳහා තාක්ෂණිකව කටයුතු කල යුතු ජාතික ඖෂධ තත්වපාළණ රසායනාගාරයේ දැනට ඉතිරිව ඇත්තේ වෘත්තීයවේදීන් 5 දෙනෙකු පමණක් විම මගින් පමණක්, රටට ගෙන්වන ඖෂධවල ගුණාතමක තත්වය පිළිබඳව කෙතරම් අවධානයක් යොමු කර ඇත්තේද යන්න පැහැදිළි වේ.