පාසල් ළමුන්ට අපි ඇඳුමක් නිර්දේශ කලා

පාසල් ළමුන්ට අපි ඇඳුමක් නිර්දේශ කලා
  • ඩෙංගු සහ බස්නාහිර පලාතේ  පාසල් ළමුන්ගේ නිල ඇඳුම
  • අපි ඇඳුමක් නිර්දේශ කලා” - සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය

බස්නාහිර පළාතේ පාසල් ළමුන් ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා ලා පැහැති ශරීරය ආවරණය වන ගැලපෙන දිග ඇඳුමක් ඇඳීම සුදුසු යැයි තමන් නිර්දේශ ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි. 

බස්නාහිර පළාත් සභාව විසින්  සිය පලාත තුල පාසල් සිසුන් ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට සුදුසු ඇඳුමක් නිර්දේශ කරන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් කල ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එම  නිර්දේශය ලබා දුන් බවද අධ්‍යක්ෂවරයා  මීට සුළු මොහොතකට පෙර “අලුත්  සුව පුවත් “ වෙත ප්‍රකාශ කලේය.