ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ව්‍යාප්තිය ගැන දැඩි අනතුරු අවධානමක් - විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර

ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ව්‍යාප්තිය ගැන දැඩි අනතුරු අවධානමක් - විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර

ශ්‍රී ලංකාවේ ළමා ලාදුරු ව්‍යාප්තිය ගැන දැඩි අවධානයක් අවශ්‍ය බව අවධාරණය කෙරේ. 2022 වසරේදී වාර්තාවූ ළමා ලාදුරු රෝගීන් ප්‍රතිශතය 11.1%කි. නමුත් 2023 දී, එනම්  මේ වසරේ මේ දක්වා එම අගය 8.4% ලෙස වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසයි.

ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය  අඩුවීම රටක ලාදුරු පැතිරීමේ අඩුවීමක් පෙන්නුම් කරයි. එසේම , යම් රටක ලාදුරු පැතිරීම හොදින් පාලනය වී තිබේ නම්  ළමා ලාදුරු  රෝගීන්ගේ ප්‍රතිශතය 4% ට වඩා අඩු විය යුතුය. රටක ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය  අඩු කිරීම එක වර සිදු කල නොහැකි ඉතා අසීරු කටයුත්තකි.

නමුත් අවම වශයෙන්  වසර  2030 වන විට ශ්‍රී ලංකාවේ  ළමා ලාදුරු රෝගීන්ගේ ප්‍රතිශතය  අවශ්‍ය අවම ඉලක්කයට  ලඟා වීම කල හැක්කේ විධිමත් හා  ක්‍රමානුකුල වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම මගින් පමණක් බව ද වෛද්‍ය රණවීර මහතා අවධාරණය කරයි