පුහුණු අපේක්ෂිත පවුල් සේවා නිලධාරි ශිෂ්‍යාවන් විශේෂඥ වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා හමුවී තම දුක කියයි

පුහුණු අපේක්ෂිත පවුල් සේවා නිලධාරි ශිෂ්‍යාවන් විශේෂඥ වෛද්‍ය චිත්‍රමලී ද සිල්වා හමුවී තම දුක කියයි

පුහුණුව අපේක්ෂිත ‍අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී තනතුර සඳහා තේරී පත් වූ ශිෂ්‍යයාවන්ගේ එකමුතුව  පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා  මහත්මිය හමුවී තම බඳවා ගැනීම කඩිනම් කරන ලෙස අදාළ බලධාරින් වෙත් දැනුම් දී අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

පුහුණු අපේක්ෂාවෙන් සිටින සිසුවියන් 1636 ක ප්‍රමාණය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් ලෙස පුහුණු කිරීමට  බඳවාගැනීමට සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින්නැයි ද එම සිසුවියන් එහිදී වැඩිදුරටත් තම ඉල්ලීම කර තිබේ.

එහිදී විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා  මහත්මිය පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවට තවත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් කඩිනමින්  එක් කර ගැනීම තමාගේත් බලාපොරොත්තුව වන බවයි. එසේම මෙම ඉල්ලීම පිලිබඳව සලකා බලා සෞඛ්‍ය ලේකම්වරයා සමගද සාකච්ජා කර බඳවා ගැනීම් කඩිනම් කිරීම පිළිබඳව සාකච්ජා කරන බවද මාතෘ  හා ළමා සෞඛ්‍ය පිළිබඳ අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කලාය.

පුහුණු අපේක්ෂිත පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් ගේ එකමුතුවේ කැඳවුම්කරු ඒ. එල්. යූ. එම්. ලියනගේ මෙනෙවිය  ප්‍රකාශ කලේ එළඹෙන දෙසැම්බර් 31 වන විට පුහුණුව සඳහා තමන් කැඳවනු ඇතැයි බලාපොරොත්තුවක් සිය කණ්ඩායමේ පවතින බවයි.