සුපිරි සුව තරුව ඔබද ?

සුපිරි සුව තරුව ඔබද ?

ශ්‍රී ලාංකේය සෞඛ්‍ය සේවා ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල හා ප්‍රජා නායකයින් අගයමින් බෝ නොවන රෝග වැලැක්වීමේ ක්‍රියාවලිය ප්‍රචලිත කෙරෙන ප්‍රාසාංගික තරු වරණයක් සංවිධාන කර ඇත. PSSP Health Star ලෙස හදුන්වන මෙම තරගයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය ජූලි මස 15  දින දක්වා දීර්ඝ කර ඇත.

තරගයට ඉදිරිපත් වන ආයතන දස දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් තෝරාගත යුතුය. එම කණ්ඩායමේ සුපිරි සුව තරුව හා සුපිරි පුරවැසි තරුව තරගයට ඉදිරිපත් වන්නන්ගේ නම්ද සමග විස්තරය  මේ සමග දක්වන QR කේතය scan කිරීමෙන්   ලබාගන්නා අයදුම්පත පිරවීමෙන් හෝ ලබා දී තිබෙන සබැඳිය ඔස්සේ විස්තර  යොමු කල හැකිය.

 තරගයට ඉදිරිපත් විය හැක්කේ  ප්‍රථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ  (PSSP )ව්‍යාපෘති ක්‍රියාකාරකම් සිදුකරන ප්‍රාදේශීය හා ග්‍රාමීය රෝහල් මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථානවල කණ්ඩායම් වලට පමණක් බවද එම ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා  (0714398201) පවසයි. වයස අවුරුදු 35 ට අඩු තරගකරුවන් උපරිමය දෙදෙනෙක් වන සේ එක් කර ගැනීමට හැකිය. තරගය සම්බන්ධයෙන් සියලු විස්තර https://www.pssp.health.gov.lk  යන PSSP වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය

  qr.png QR කේතය

https://docs.google.com/forms/d/e/1FAIpQLSeCP4WmiWsvIwk86pYrZHzTIZMJRwMaddZG_o7cmQFwzTsudg/viewform?usp=pp_url   (සබැඳිය)