ජාතික රෝහලෙහි රසායාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ හදිසියේ සේවයෙන් ඉවත්වෙයි

ජාතික රෝහලෙහි රසායාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ හදිසියේ සේවයෙන් ඉවත්වෙයි

රාසායනාගාර සේවා කටයුතු පවත්වා ගැනීමට බාධා වන අයුරින් ඇතැම් නිළධාරීන් අනවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීම ඇතුළු ඉල්ලීම් 5ක් මුල් කර ගනිමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය විසින් විරෝධතාවය දියත් කලේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරල්වරයා සමග පසුගිය සතියේ ඇතිකරගත් එකඟතාවයට අනූව, ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය සතියක කාලයකට තාවකාලිකව අත් හිටවුවද, එකඟතා කිසිවක් ක්‍රියාත්මක නොවීමට එරෙහිව ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින් ඇතුළු සියළු රසායනාගාර සේවා කාර්‍යමණ්ඩලය මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

ජාතික රෝහලෙහි නියෝජ්‍ය  අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ නිල කාමරය ඉදිරියේ මෙම උද්ඝෝෂණය ක්‍රියාත්මක වූයේය. හෙට දහවල් 12ට එකි එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම පිළිබදව සාකච්ඡාවක් පැවැත්වීමට නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයා එකඟවීමත් සමග පිරිස විසිර ගියේය.