සෞඛ්‍යය දූෂණ , රෝහල් මරණ සහ මන්දපෝෂණය ගැන කියන්නට වෛද්‍ය චමල් සංජීව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට 

සෞඛ්‍යය දූෂණ , රෝහල් මරණ සහ මන්දපෝෂණය ගැන කියන්නට වෛද්‍ය චමල් සංජීව ජිනීවා මානව හිමිකම් කවුන්සලයට 

පසුගිය වසර දෙකක කාල සීමා මුළුල්ලේ ඉතා දුර්වල සෞඛ්‍ය පරිපාලනය සහ කළමනාකරණය නිසාද සෞඛ්‍ය පද්ධතියේ දූෂණ වංචා අක්‍රමිකතා සහ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියා වලින් ඉසා රටට අති විශාල මුදල් ප්‍රමාණයක් හරි වීමත් ප්‍රශ්න සහගත් ඖෂධ මිලදී ගැනීම් නිසා තත්වයෙන් බාල ඖෂධ වල ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් ලෙස සැලකිය යුතු මිනිස් ජීවිත ප්‍රමාණයක් හානිවීම ආබාධ තත්ත්වයට පත්වීම ආසාත්මිකතාවට ලක්වීම හෝ මරණයට පත්වීම මිනිස් ජීවිත වීමේ අයිතිය උල්ලංඝනය වීමක් යැයි පවසමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා ජිනීවා මානව හිමිකම් කොමිසන් සභාව හමුවේ කරුණු දැක්වීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයට ලිපියක් බාර දෙමින් ප්‍රකාශ කළේය.

ඖෂධ හිඟය නිර්මාණය වීමත් එහි ප්‍රතිඵලයක් ලෙස හදිසි මිලදී ගැනීම් නිසා සහ ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා රටේ බදු මුදල් ගෙවන මහජනතාවගේ මුදල් අවභාවිතාවක් සිදුවන බවත් එනිසා ජනතාව දිගින් දිගට ම පීඩාවට පත්වන බවත් විශේෂඥ වෛද්‍ය මහතා ස්වකීය මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොම්ෂන් සභාවට දැනුම් දී ඇත.

කෝප් කමිටුව හා විගණකාධිපති වාර්තා ද අල්ලස් කොමිසමට ලබා දෙන ලද ලියකියවිලි ද අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රසම්පාදන කමිටු මගින් ද වොහාරික ව තහවුරු වී ඇති කරුණු සනාථ වී තිබියදීත් රටේ නීතිය ක්‍රියාත්මක නොවීම බරපතළ අපරාධයක් බව ඒ මහතා සඳහන් කළේය. 

ප්‍රතිජීවක ඖෂධ වංචාව අක්ෂිකාච වංචාව ඉන්සියුලින් වංචාව ඔක්ෂිජන් ටෙන්ඩර් ගණුදෙනු, වෛද්‍ය සැපයුම් තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීමේ වංචාව
ඇතුළු ප්‍රශ්න සහගත ගනුදෙනු විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් මෙහිදී ඒ මහතා කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් කළේය.

තත්වයෙන් බාල ඖෂධ මිලදී ගැනීම නිසා මේ වන විටත් සැළකියුතු මිනිස් ජීවිත ප්‍රමාණයක් හානි වී ඇති බැවින් ද ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා විසින් ම තත්වයෙන් බාල ඖෂධ ශ්‍රී ලංකාව තුළ භාවිත වූ බවත් ඒ නිසා මිනිස් ජීවිත හානි වූ බවත් පිළිගෙන තිබීමත් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පත් කළ වෛද්‍ය දේ දුරටත් කමිටුව මගින් ද මේ බව සනාථ වී තිබියදීත් දිගින් දිගටම ප්‍රශ්න සහගත අමාත්‍යවරයා හා නිලධාරීන් එම තනතුරු රැඳී සිටීම බරපතළ ලෙස මෙරට මිනිස් ජීවිත ජීවත් වීමේ අයිතිය අභියෝගයට ලක් කිරීමක් බවද ඒ මහතා සඳහන් කළේය.

දැනට වසර එකහමාරකට පමණ කාලයක මුළුල්ලේම ඖෂධීය හිගය සහ තත්වයෙන් බාල ඖෂධ නිසා සිදුවන හානි ගැන තම වෘත්තීය සමිති සන්ධානය විද්‍යාත්මක සාක්ෂි සහිතව දැනුම් දෙද්දීත් රටේ ජනාධිපතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඒ සම්බන්ධව විමර්ශන නොකිරීම කණගාටුවක් බව ද තම ලිපිය මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අදාළ වෘත්තීය සමිති සන්ධානය දැනුම් දෙයි. 

රටේ සමස්ත මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධව පසුගිය වසර වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන සතුව ප්‍රමාණවත් දත්ත නොතිබුණු බවත් තමන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු මත පදනම් කොට වැරදි අර්ථ කථනයන් මත තමන්ගේ සේවය අත්හිටුවීමට ක්‍රියා කළ නමුත් අදටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සතුව දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ පෝෂණය සම්බන්ධයෙන් නිවරදි තොරතුරු නොමැති වීමත් මේ වන විට රටේ ජනගහනයෙන් සිට 61 කට ආසන්න ප්‍රමාණයක් ආහාර පරිභෝජන රටාව අඩු කර ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් ප්‍රකාශ කර තිබෙන තත්වයක් යටතේ පවසන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම හරහා මිනිස් ජීවිත වලට එල්ල වී ඇති තර්ජන හා මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය රජය මගින් උදුරා ගනිමින් සිටින බවද ඒ මහතා ජිනීවා මානව හිමිකම් කොම්සන් සභාව හමුවේ පෙන්වා දීමට නියමිත බව අදාළ මූලික ලේඛන බාර දෙමින් සඳහන් කළේය.

 

ජිනීවා මානව හිමිකම් කොම්සන් සභාව හමුවේ වෛද්‍යවරයෙකු රටේ සෞඛ්‍ය හා පෝෂණ අර්බුද සම්බන්ධයෙන් අමතන පළමු අවස්ථාව මෙය ලෙස ද ඉතිහාසයට එක් වනු ඇත.

වෛද්‍ය චමල් සංජීව මහතා සමග නීතිඥ අමිල මහා එගොඩවත්ත ඇතුළු කෘති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු ඒ මෙම තොරතුරු නිල වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට භාර දීම සිදු කරන ලදී.