ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ යම් පසුබෑමක් පවතින බව පෙන්නුම් කරන අතර ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අසමතුලිතතා අවම කිරීම සඳහා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. ඒ අනුව, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය හා කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් අවශ්‍ය නීතිමය විධිවිධාන හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022-09-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති එකී පනත් කෙටුම්පත කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.