දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

වැඩවර්ජනයේ නිරත දුම්රිය උප නියාමකවරුන් සමග ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණි නියාමකවරුන් මෙම සාකච්ඡාව අවසන්වීමත් සමග සේවයට වාර්තා කිරීමට පටන් ගෙන ඇති අතර, අද සවස් වන විට දුම්රිය සේවා බොහෝදුරට යථා තත්ත්වයට පත්වනු ඇති බවට දුම්රිය දෙපාර්තමේන්තුව විශ්වාස කරන බව එහි ප්‍රකාශකයෙක් වැඩබිමට ප්‍රකාශ කරන ලදි.