අනධ්‍යයන සේවක වර්ජනය අත්හිටුවයි

අනධ්‍යයන සේවක වර්ජනය අත්හිටුවයි

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විධායක නිළධාරීන්ගේ සංගමය සිය අඛණ්ඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇති වූ එකඟතාවයක් අනුව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය මෙම තීරණයට එළඹී ඇති බවයි වාර්තා වේ.