සෞඛ්‍ය දූෂණ ගැන විගණන වාර්තා හා අධිකරණ වාර්තා ගැන අවධානය යොමු කරන්න - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව නව සෞඛ්‍ය ඇමතිනියගෙන් ඉල්ලයි

සෞඛ්‍ය දූෂණ ගැන විගණන වාර්තා හා අධිකරණ වාර්තා ගැන අවධානය යොමු කරන්න - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව නව සෞඛ්‍ය ඇමතිනියගෙන් ඉල්ලයි

ඉතිහාසය දුර්වලම සහ දූෂිතම සෞඛ්‍ය පරිපාලනය පසුගිය වසර හතරක පමණ පාලනය මුළුල්ලේ සිදුවී ඇති බවත් ඒ සම්බන්ධව අවසාන වලට නිකුත් වූ විකරණ වාර්තා සහ අධිකරණය හමුවේ විභාග වන බාල ඖෂධ වංචාව ඉතා ප්‍රබල සාක්ෂියක් වන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා නව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් ඉල්ලා සිටියි.

මෙයට අමතරව බාල ඖෂධ වංචාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ අභ්‍යන්තර විමර්ශන වාර්තාවේ නිර්දේශ වෙනස් කිරීමට කටයුතු කර ඇති බවත් මේ හරහා මෙරට මහජනතාවට යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් බලවත් අගතියක් සිදුවන බැවින් එම විමර්ශන වාර්තාවේ මුල් පිටපත කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ඔහු ඉල්ලා සිටි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ආරක්ෂා කර ගැනීමට දිගින් දිගටම කටයුතු කළ මෙරටට බාල ඖෂධ නැතැයි පැවසූ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉහළ නිලධාරීන් සමඟ ඛ්‍ය අමාත්‍යාංශයේ පරිවර්තනය වෙනස්කම් සිදුවෙතැයි විශ්වාස නොකරන බැවින් හැකි ඉක්මනින්ම විශ්වාස කළ හැකි නිලධාරින් සමන්විත නව පරිපාලනයක් බිහිකිරීමට නව රජය උත්සුක විය යුතු බවද ඔහු ඉල්ලා සිටි.

තනි වෘත්තිය සමිති කිහිපයක අවශ්‍යතාවයන් මත සෞඛ්‍ය අමාත්‍යාංශය පාලනය කරනවා වෙනුවට සෞඛ්‍ය සේවයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කැපවෙන ධනාත්මක විවේචනය කරන සියලු කණ්ඩායම් ඒකාබද්ධ කොට සාකච්ඡාමය වශයෙන් ඉදිරියට යෑමේ වැදගත්කමද ඔහු පෙන්වා දෙයි.