2024 මහා මැතිවරණයෙන් වෘත්තීය සමිති නායකයින් ඇතුළු වෘත්තිකයින් විශාල පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යැවීමට මෙරට ජනතාව කටයුතු කර තිබේ.
ඒ අතර, ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලාල් කාන්ත, අන්තර් සමාගම් සේවක සංගමයේ වසන්ත සමරසිංහ හා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුවේ චන්දන සූරියආරච්චි වැනි පුද්ගලික අංශයේ හා රාජ්‍ය අංශය නියෝජනය කරන වෘත්තිය සමිති නායකයින් මෙවර පාර්ලිමේන්තුවට පත්ව ඇත.
එයට අමතරව කාන්තා නියෝජිතයින් විශාල පාර්ලිමේන්තු ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් ජනාතා ඡන්දයෙන් තේරි පත්වී ඇති අතර, ඒ අතර, සියලුම ජාතිකයින් නියෝජනය වන අතර, මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, ව්‍යවසායකයින්, සමාජ ක්‍රියාකාරීන් ඇතුලු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයන් ඇතුළත් වෙයි.
සබැඳි පුවත්