නව රජයේ අභිනව ඇමැති මණ්ඩලය අද (18) දින පෙරවරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී.
එහිදී කම්කරු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා දිවුරුම් දෙන ලදි.
විජිත හේරත් මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක කටයුතු අමාත්‍යවරයා ලෙසත්, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය ලෙස හා වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමත්‍යවරයා ලෙසද දිවුරුම් දෙන ලදි.
නව කැබිනෙට් ඇමැතිවරු 25කට අඩුවෙන් හා නියෝජ්‍ය ඇමැතිවරු 27කින් සමන්විතය.
ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යදූරයට හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා තෘතියික අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස පත් කරන ලදි.
නව කම්කරු අමාත්‍යතුමාට “වැඩබිම“ වෙබ් සඟරාවේ සුභපැතුම් !