ගුරු වෘත්තීය සමිති නායක මහින්ද ජයසිංහ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

mahinda-jayasinghe

නව රජයේ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (21) දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

ජයසිංහ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරඟ කොට මනාප 137,315 ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

පසුගිය කාලයේ ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයන් හා වෙනත් ගැටළු සම්බන්ධයෙන් වෘත්තීය අරගලයේ සිටි සටන්කාමී වෘත්තීය සමිති නායකයෙකී.