ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එස්. ආලෝකබණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් තනතුරට පත් කිරීම හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබන ඒ. ජගත් ඩී. ඩයස් මහතාගේ සේවා කාලය 2024.12.31 දින අවසන් වීමට නියමිත නිසාත් එම තනතුරු පුරප්පාඩු වී ඇත.
ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් තනතුරට පැවරී ඇති පුළුල් රාජකාරි විෂය පථය සැලකිල්ලට ගෙන, එම තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එන්.යූ.එන්.මෙන්ඩිස් හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් දැනට ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි චාමින්ද හෙට්ටිආරච්චි මහත්වරුන් පත් කිරීම සඳහා පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවන්ට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ඇත.