අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රවල විදුලි පද්ධතියේ දෝෂයක්

අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර යන්ත්‍රවල විදුලි පද්ධතියේ දෝෂයක්

අපේක්ෂා රෝහලේ පිලිකා ප්‍රතිකාර සදහා භාවිතා කරන නව ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර තුනක් ක්‍රියා විරහිත වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ මාධ්‍ය නිවේදනය නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පසුගිය දෙසැම්බර් 31වෙනිදා හදිසියේ අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාරක ඒකකයේ තිබෙන නව ලීනියර් ඇක්සලරේට යන්ත්‍ර තුන(3)ට විදුලිය සපයන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් යන්ත්‍ර පණ ගැන්වීමට නොහැකි තත්ත්වයක් උදාවිනි. ඉන් අනතුරුව එම යන්ත්‍ර තුන පණ ගැන්වීමට අදාළ දෝෂය සොයාගැනීමට විදුලි බල මණ්ඩලය මගින් උත්සාහ කළද ඒ සඳහා යම් කාලයක් ගතවිය.

අදාළ කණ්ඩායම් වලට පවතින දෝෂය හඳුනා ගැනීමට හැකි වූ අතර ඒ අනුව මේ මොහොත  වන විට එම යන්ත්‍ර තුනෙන් දෙකක් නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී ඇත.  යථා තත්ත්වයට පත් කළ යන්ත්‍ර දෙකෙන් රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු  ආරම්භ කිරීමට විකිරණ තාක්ෂණවේදී නිලධාරීන් කටයුතු කර ඇත.

බිඳෙන වැටුණු යන්ත්‍ර තුනෙන් ඉතිරි අනිත් යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින අතර නඩත්තුව සපයන කණ්ඩායම් පවසන්නේ අද දිනය තුළ එම යන්ත්‍රය නැවතත් තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.

මෙම එක් යන්ත්‍රයකින් දිනකට රෝගීන් 60 - 70 ත්  අතර  ප්‍රමාණයකගේ විකිරණ ප්‍රතිකාර කටයුතු සිදුකිරීම දෛනිකව සිදු කරනු ලැබේ.