ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ ජනමාධ්‍යවේදීන්ට ප්‍රතිපත්ති මාළාවක් එළිදක්වයි

lasantha-ashila-bingun

ලිංගික ශ්‍රමිකයන් පිළිබඳව වාර්තා කිරීමේදී ජනමාධ්‍ය අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මාලාවක් ස්ටෑන්ඩ්අප් මුව්මන්ට් වෘත්තීය සිමිතිය මැදිහත් විමෙන් පසුගිය දෙසැම්බර් 14 දින කටුනායකදී එළිදැක්වීම සිදු විය.

ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් ජනමාධ්‍ය වෙත මෙවැනි ප්‍රතිපත්ති මාළාවක් එළිදැක්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ලිංගික ශ්‍රමිකයින් පිළිබඳව වාර්තා කිරීමේදී ඔවුන් මුහුණ දෙන අගතිය මගහරවා ගැනීම සඳහා මෙම ප්‍රතිපත්ති මාළාව ජනමාධ්‍යවේදීන්ට මගපෙන්වීමක් කරනු ඇති බව ස්ටෑන්ඩ්අප් මුව්මන්ට් වෘත්තීයේ ප්‍රධාන ලේකම් අශීලා දන්දෙණිය එහිදි පවසා සිටියාය.

මෙම ප්‍රතිපත්ති ලේඛණය මව්බිම පුවත්පතේ ප්‍රවෘත්ති කාර්තෘ බිඟුන් මේනක ගමගේ වෙත පිරිනැමීම සිදුකළ අතර, එම අවස්ථාවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ලසන්ද ද සිල්වා මහතා ද සහභාගි විය.