ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සියධූරයේ  රාජකාරී කටයුතු ආරම්භ කරයි

dr-sampath-indika-kumara-national-hospital

ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ  පිහිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේ දී (15) දින නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහාතා සිය ධුරයේ වැඩ භාරගැනීම සිදුවිය.

දසදහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මෙම ජාතික රෝහලේ සේවය කරන බවත්  ඔවුන් සමග එක්ව රෝහල සංවර්ධනය කරමින් ගුණාත්මක හා කාර්යක්ෂය ප්‍රතිකාර සේවාවන් මෙරට ජනතාවට ලබා දීම සදහා කැපවීමේන් කටයුතු කරන බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ  අධ්‍යක්ෂ ධූරයේ සිය රාජකාරී ආරම්භකළ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා මෙහි දී පැවසීය.

ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතියක් මෙරට ස්ථාපිත කිරීමේදී ජාතික රෝහලට විශාල වගකීමක් පැවරෙන බවත්, එම වගකීම නිසිපරිදි ඉටුකිරීමට කටයුතුකරන බවද ඒමහතා වැඩිදුරටත් පැවසීය.

විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා (Dr. M.K. Sampath Indika Kumara) මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ට පරිපාලන නිලධාරියෙකු සහ වෛද්‍ය පරිපාලනය පිළිබඳ (Medical Administration) විශේෂඥ වෛද්‍යවරයෙකි.

බදුල්ල ශික්ෂණ රෝහල,  රත්නපුර ශික්ෂණ රෝහල, පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල, පොලොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල, වයඹ පළාත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා  මෙන්ම මහරගම අපේක්ෂා රෝහල වැනි දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක මීට පෙර ඒ මහතා අධ්‍යක්ෂධූරය හොබවා  ඇත.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම සර්ව ආගමික නායකයින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන්ද ජයතිස්ස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙන්ම එම අමාත්‍යාංශයේ, නියෝජ්‍යඅධ්‍යක්ෂජෙනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය  අධ්‍යක්ෂවරුන්, මෙන්ම හිටපු සෞඛ්‍ය ලේකම්වරුන්, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්, ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා මින්පෙර සේවයකරන ලද රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිරිසක් ද,සෞඛ්‍ය සේවාවේ සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය කරමින් ජාතික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලයේ  පිරිසක් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.