මිලියන 300ක් වැය කල, වෛද්‍ය සැපයීම් අංශයේ තොරතුරු කළමණාකරණය පද්ධතියට මොකද වුණේ?

මිලියන 300ක් වැය කල, වෛද්‍ය සැපයීම් අංශයේ තොරතුරු කළමණාකරණය පද්ධතියට මොකද වුණේ?
  • වෛද්‍ය සැපයීම් අංශයට මිලියන ගණනක් වැය කර ස්ථාපිත කල තොරතුරු පද්ධතිය ඉවත් කර, මිලියන සියයකට වැඩි නව තොරතුරු පද්ධතියක්!
  • තොරොරතුරු පද්ධතිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාශය වැය කර ඇති බිලියන ගණනක මුදල්, නිවැරදි තාක්ෂණය නොමැතිකම හේතුවෙන් නාස්තියට ලක් වී ඇත.
  • පසුගිය වසර පහ තුල සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ස්ථාපිත කර ඇති තොරතුරු පද්ධති කිසිවක් මේ වන අක්‍රීයයි.
  • රෝහල් තොරතුරු පද්ධති සඳහා බිලියන ගණන් වැය කර, ස්ථාපත කර ඇති යටිතල පහසුකම්, උපකරණ හා උපාංග විනාශ වෙමින් පවතී.
  • සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතු පද්ධති සඳහා ක්‍රියාත්මක කල ව්‍යාපෘතිවල පලදායි බව සහ ඒවා ක්‍රියාත්මක නොවී මහජන මුදල් නාස්ති කිරීම පිළිබඳව වහා විගණනයක් කරන්න.
  • සෞඛ්‍ය සේවාවන් පිළිබඳ පැමිණිලි විභාග කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී

තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන්ට සිදුවන හාණි සහ ඇතැම් සායනික භාවිතාවන් නිසා සිදුවන ජීවිත හානි වැඩිවෙමින් පවතින අතර, ඒවා බොහොමයක් සාමාන්‍ය තත්වයන් ලෙස යට ගැසීමේ හෝ නොසලා හැරීමේ තත්වයක් පවතින බැවින්, මහජනතාවගේ එවන් පැමිණිළි විමර්ෂණය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් වහාම පත් කරන ලෙස,  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත්  සංගමය, සෞඛ්‍ය ඇමතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. එසේම එම කමිටුවෙහි විෂය ප්‍රාමාණිකයින්ට අමතරව, රෝගීන්ගේ පාර්ශවය නියෝජනය කිරීම සඳහාද සාමාජිකයින් පත් කිරීම මගින්, එම කමිටුවේ නිරීක්ෂණවල විනිවිදභාවය ආරක්ෂා කල යුතු බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කර සිටී.