ඖෂධ නිෂ්පාදන සංස්ථාව සැපයූ ඖෂධයක කාණ්ඩ 35ක් එකවර භාවිතයෙන් ඉවත් කරලා

ඖෂධ නිෂ්පාදන සංස්ථාව සැපයූ ඖෂධයක කාණ්ඩ 35ක් එකවර භාවිතයෙන් ඉවත් කරලා

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් සපයනු ලැබූ ෆ්ලික්ලොක්සාසිලින් කැප්සියුල් වර්ගයෙහි (Flicloxacillin Cap 500mg) කාණ්ඩ 35ක් එකවර භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පසුගියදා තිරණය කොට තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එකම ඖෂධයයක වැඩිම කාණ්ඩ ප්‍රමාණයක් දෝෂ සහිත වීම නිසා භාවිතයෙන් ඉවත් කර ඇති ඖෂධය සපයා ඇත්තේද රජයේ මැදිහත් වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ සපයන, ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව (SPMC) විසින් බවයි.