දෝෂ සහිත තවත් මැදිරි 40 ක් ඉන්දියාවෙන් ලංකාවට

දෝෂ සහිත තවත් මැදිරි 40 ක් ඉන්දියාවෙන් ලංකාවට

දැනට ගෙන්වා ඇති දුම්රිය මැදිරි විවිධ තාක්‍ෂණික අඩුපාඩු සහිත නිසා ධාවනයට එක්කර ගැනීමට නොහැකි වී ඇති තත්ත්වයක් යටතේ දුම්රිය මැදිරි 160න් ඉතිරි මැදිරි 40 ක් පමණ, 2022 මාර්තු මස 19 දින කොළඹ වරායට ලඟාවී ඇති අතර, මාර්තු 21 දින සිට ගොඩබෑමේ කටයුතු ආරම්භකර ඇති බවත්, මෙම දුම්රිය මැදිරි නිදහස් කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති ඇති අතර, ගතවන සෑම දිනයක් සඳහාම රුපියල් ලක්‍ෂ 39 ක (3900000/=) මුදලක් රඳවා තබාගැනීමේ ගාස්තුව ලෙස වරායට ගෙවීමට, දුම්රිය දෙපාර්තමේන්නතුවට සිදුවී ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇණවුම්කර ඇති දුම්රිය මැදිරි 160 න් 120 ක් මීට පෙර ගෙනෙවිත් මාලිගාවත්ත දුම්රිය අංගනයේ ස්ථානගත කර තිබුණද, විවිධ තාක්‍ෂණික අඩුපාඩු නිසා එම දුම්රිය මැදිරි ධාවනයට එක්කර ගැනීමට නොහැකි වී ඇත. මෙම දුම්රිය මැදිරි 160න් ඉතිරි මැදිරි 40 ක් පමණ, 2022 මාර්තු මස 19 දින කොළඹ වරායට ලඟාවී ඇති අතර, මාර්තු 21 දින සිට ගොඩබෑමේ කටයුතු ආරම්භකර ඇත. ඒ අනුව මේ වනවිට මැදිරි 40 ක් කොළඹ වරාය භූමියේ ස්ථානගත කර ඇත.

මේ වනවිට දින 10 කට අධික කාලයක් ගත වී ඇතත්, මෙම දුම්රිය මැදිරි නිදහස් කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත. ගතවන සෑම දිනයක් සඳහාම රුපියල් ලක්‍ෂ 39 ක (3900000/=) මුදලක් රඳවා තබාගැනීමේ ගාස්තුව ලෙස වරායට ගෙවීමට, දුම්රිය දෙපාර්තමේන්නතුවට සිදුවී ඇත.

සාමාන්‍ය රාජකාරියේ යෙදී සිටින සේවකයින් විශාල ප්‍රමානයක් වරාය රාජකාරී වෙනුවෙන් යෙදවීමට ද දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇත. ඊට හේතුව වී ඇත්තේ මෙම මැදිරි 40 ස්ථානගත කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අංගන පහසුකම් නොමැති වීම බව අනාවරණය වී ඇත. මේසා විශාල දුම්රිය මැදිරි සංඛ්‍යාවක් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය නොවන වෙලාවක මැදිරි ගෙන්වීමත්, මීට පෙර ගෙන්වා ඇති දුම්රිය මැදිරි ධාවනයට එක් නොකිරීමත් නිසා, අංගනවල ඉඩපහසුකම් ඇහිරී තිබීමත් බරපතල ගැටළුවක් බවට පත්වී ඇත. මීට පෙර ගෙන්වා ඇති ඉන්දියන් දුම්රිය මැදිරිවල පවතින අනේක විධ තාක්‍ෂණික දෝෂ නිසා එවා ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකිවී ඇත.

මේ තත්වය එසේම තිබියදී, එම තාක්‍ෂණික දෝෂ සහිත තවත් දුම්රිය මැදිරි 40 ක් නැවත ගෙන ඒම බරපතල අපරාදයක් බව පෙන්වා දෙමු. මෙම මැදිරි වල තාක්‍ෂණික දෝෂ නිවැරදි කිරීම ගැන ඉන්දියානු රජයේ කිසිදු මැදිහත් වීමක් නොමැති බව පෙන්වා දෙන අතර, ඒ සඳහා අමතර වැය බරක් දරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයන් සේවයේ යොදවා ඇත.

මෙම මැදිරි 160 ගෙන්වීම තුල දුම්රිය දෙපාර්තමේන්තුවට බරපතල හානියක් සිදුවී ඇති බව පෙන්වා දෙන අතර, මේ ගණුදෙනුව හරහා දැවැන්ත වංචාවක් සිදු වී ඇතැයි සැකයක් මතුවන බවද පෙන්වා දෙමු.