වෘත්තීය සමිති 40ක් අද සිට රට පුරා විරෝධතාවයේ

වෘත්තීය සමිති 40ක් අද සිට රට පුරා විරෝධතාවයේ
රජය හඳුන්වා දී ඇති නබ බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය අද (09) සිට රට පුරා විවිද වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල නිරතවීමට තීරණය කර තිබේ.
 
වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට වෛද්‍යවරුන්, වරාය, විදුලිය, ජල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තීය සමිති 40 ක් ඇතුළත් ය.
 

එහි පළමු පියවර ලෙස අද දිනයේ සිට දීපව්‍යාප්ත විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අඛණ්ඩව  වැඩ වර්ජනයක නිරතවීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කටයුතු කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ලබන 13 වන දිනෙන් පසුව වර්ජන ක්‍රියාමාර්ග සඳහා සහාය පළ කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් නිවේදනය කර ඇත.

කෙසේවෙතත් වර්ජන ක්‍රියාමාර්ගවලට යොමුවීම තුළින් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ මහතා සඳහන් කරන්නේ.