කාර්යාල දුම්රිය 48න් 22ක් පමණයි!

කාර්යාල දුම්රිය 48න් 22ක් පමණයි!
සියලු කාර්යාල දුම්රියන් අද දිනයේ ධාවනය කළ නොහැකි බව නියෝජය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න පවසා තිබේ.
 
ඉන්ධන අර්බුදය නිසා සේවකයන්ට සේවයට වාර්තා කිරීමෙදී දැඩි ගැටළුකාරි  තත්තවයක් මතු වීම නිසා  මෙලෙස සියලු කාර්යාල දුම්රිය ධාවනය කිරීමට නොහැකි වී ඇතැයි හෙතෙම කියා ඇත.
 
ඒ අනුව කාර්යාල දුම්රිය 48කින් ධාවනය කරනුයේ දුම්රිය 22 දෙකක් පමණක් බවත්, මෙසේ දුම්රියන් අවලංගු වීම හේතුවෙන් මගීන රැසක් අපහසුතාවට පත්වූ බවත් වාර්තා වේ.
 

කෙසේ වෙතත් මේ  හේතුවෙන් රැකියා සඳහා ගමන් කරන මගීන්  දුම්රිය එන්ජිමේ සහ පා පුවරු වල අනාරක්ෂිත ලෙස ගමන් කරන අයුරු දැකගත හැකි විය.