වතුකරයේ ගුරු සහාකයන්ටත් 5000 ඉල්ලයි

වතුකරයේ ගුරු සහාකයන්ටත් 5000 ඉල්ලයි

වතුකරයේ පාසල්වල සේවා සපයන ගුරු සහායකයන්ටත්, රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් පන් දහසේ  ලබාදීමට පියවර ගන්නා ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනය මහතාගෙන් ඉල්ලීමක් කර  ඇතැයි ශ්‍රී ලංකා ගුරු සේවා සංගමයේ උප සභාපති සුන්දරලිංගම් ප්‍රදීප් මහතා ප්‍රකාශ කළේය.

රටේ දවසකට දවසින් දවස වැඩි කරන ජීවන වියදම ගුරු සහායකයින්ටත් බලපාන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එම නිසා රාජ්‍ය සේවකයින්ට ලබාදෙන රුපියල් 5000 ක දීමනාව ලබාදීමට වහාම පියවර ගන්නා ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.