දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව 82 දක්වා ඉහලට

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව 82 දක්වා ඉහලට

කොවිඩ් ආසාදිතවූ තවත් 82දෙනකු  (3) දින මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ  (4) තහවුරු කළේය. මෙය දිනක් තුළ මෙරට සිදු වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වේ.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 41 දෙනෙක් සහ කාන්තාවෝ 41 දෙනෙක් වෙති. මියගිය අයගෙන් 60 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 22 දෙනෙක්ද වෙති.

මේ අතර කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 2543 දෙනකු අද (04) දින හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.