වැඩලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් 2019 වර්ෂයේ පවත්වන ලද ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වැනි සැසිවාරයේදී සම්මත කරනු ලැබ ඇති වැඩලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (C190) එම කරුණ සම්බන්ධයෙන් ඇති කර ගනු ලැබ ඇති පළමු ජාත්‍යන්තර සම්මුතිය වශයෙන් සැලකේ.
එම සම්මුතිය 2021 03 24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 2021 05 04 දින පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබ තිබේ. එකී සම්මුතිය අපරානුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම පෞද්ගලික සහ අවිධිමත් රැකියා වැඩබිම් තුළ පවතින ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර පිටුදැකීම, සුරක්ෂිත සේවා ස්ථානවල සතුටින් සේවය කිරීම තහවුරු වීම මෙන්ම ශ්‍රම බලකායේ කාන්තා සහභාගිත්වය ඉහළ නැංවීම කෙරෙහි ධනාත්මකව බලපානු ඇත.
ඒ අනුව, වැඩලොව තුළ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය තුරන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කිරීම සඳහා සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා වන නෛතික විධිවිධාන හඳුන්වා දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස කම්කරු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

