ලංවිම විද්‍යුත් බිල්පත් (e-Billing) ක්‍රමවේදය හඳුන්වා දෙයි

ලංවිම විද්‍යුත් බිල්පත් (e-Billing) ක්‍රමවේදය හඳුන්වා දෙයි

විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක විද්‍යුත් බිල්පත් ක්‍රමවේදය (e-billing)පළාත්කීපයක් සඳහා ක්‍රියාත්මක කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකු කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ඒ අනුව, දෙහිවල, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර,මාතර සහ අම්බලන්ගොඩ ප්‍රදේශයන්හි පදිංචි පාරිභෝගිකයින් සඳහා ඔවුන්ගේ විදුලි බිල්පත් ඩිජිටල් ආකෘතියෙන් (digital format),කෙටි පණිවිඩ මාර්ගයෙන් (SMS)හෝ විද්‍යුත් තැපෑලෙන් (email) ලබාදීමට කටයුතු කර ඇත.මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය නවතා ඩිජිටල් අත්දැකීමක් ලබා දීම මෙහිප්‍රධාන අරමුණ වේ.

මුද්‍රිත කඩදාසි බිල්පත් නිකුත් කිරීම ඉදිරි මාසවලදී ක්‍රමක්‍රමයෙන් අත්හිටුවීමට බලාපොරොත්තු වන බැවින්, මෙම පහසු සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙස අපි දිවයින පුරා සිටින අපගේ වටිනා පාරිභෝගිකයින් වෙත දන්වා සිටිමු.මෙම නව හඳුන්වාදීම මගින් වාර්ෂිකව කඩදාසි කොළ මිලියන 100 ක් පමණ ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරමු.

මේ සඳහා කෙටි පණිවිඩ මාර්ගයෙන් (SMS)ලියාපදිංචි වීමට, REG<හිස්තැනක්>ඔබේගිණුම්අංකය සඳහන් කර 1987 ට යොමුකරන ලෙසත්, එමෙන්මමාර්ගගතව(online) ලියාපදිංචි වීමට http://ebill.ceb.lk වෙත පිවිස එහි උපදෙස් අනුගමනය කරන ලෙසත් කාරුණිකව දන්වා සිටිමු.

මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ මාධ්‍ය ආයතනයන්හි සහයෝගීතාවයද ඉතා කාරුණිකව බලාපොරොත්තු වෙමු. තවද මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීම් සඳහා 071 424 7777 දුරකතන අංකය ඔස්සේ මා සම්බන්ධකර ගන්නා මෙන් වැඩිදුරටත් දන්වා සිටිමි.