FUTA දිගටම වර්ජනයේ

strike-futa

නව බදු ක්‍රමයට විරෝධය පා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර ඇති වර්ජනය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා ඒ බව ප්‍රකාශ කලේ, (25) දින රාත්‍රියේ පැවැති සිය සංගමයේ විශේෂ විධායක සභා රැස්වීමේදී ගත් තීරණයක් මත බවයි.

ජනවාරි 17 දින අවසන් වූ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රමාද වී තිබේ.