සෞඛ්‍ය ඇමැති මහජන නියෝජිතයන් සහ ජනතාව නොමග යවමින් කරන ප්‍රකාශ පිළිකුල්

සෞඛ්‍ය ඇමැති මහජන නියෝජිතයන් සහ ජනතාව නොමග යවමින් කරන ප්‍රකාශ පිළිකුල්

සෞඛ්‍ය ඇමැති මහජන නියෝජිතයන් සහ ජනතාව නොමග යවමින් නැවත නැවත ප්‍රකාශ නිකුත් කිරීම ගැන බලවත් අප්‍රසාදය සහ පිළිකුල ප්‍රකාශ කරමින් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ  විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කොට තිබේ.

එම නිවේදනය පහතින්...

 
සෞඛ්‍ය ඇමැති මහජන නියෝජිතයන් සහ ජනතාව නොමග යවමින් නැවත නැවත ප්‍රකාශ නිකුත් කිරීම ගැන බලවත් අප්‍රසාදය සහ පිළිකුල
 
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ලෙස වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුව තුළ දී නිකුත් කරන බොහෝ  කරැණු විද්‍යාත්මකව සත්‍යයෙන් තොර වන අතර ඒවා ජනාධිපතිතුමාද පාර්ලිමේන්තුවද ජනතාව නොමග යවන සුළු බව ඉතා පැහැදිලිව සහ සාක්ෂි සහිතව පෙන්වා දීමට කැමැත්තෙමු. සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකු ප්‍රකාශ නිකුත් කිරීමට පෙර නිලධාරීන් තමා වෙත ලබාදෙන තොරතුරු නැවත නැවත සනාථ කරගැනීම අවශ්‍ය කර නමුත් දෙවැනි වග විභාගයකින් තොරව කටයුතු කරන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම රෝහල් කම්කරුවෙකු  තරම්වත් නොවන බව පෙන්වා දිය හැක
 
එවැනි සිදුවීම් කිහිපයක් සැකෙවින් ඉදිරිපත් කරනුයේ එවැනි මහජනතාව නොමග යැවීම් වලින් වළක්වාගෙන සත්‍ය පෙන්වා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද කම්කරු අණ පනත් අනුව ද අප වෙත පැවරී ඇති වගකීමක් නිසා අපි සලකන බැවිනි.
 
1. සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා  ප්‍රකාශ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත මන්දපෝෂණය 5% ක අගයක පවතින බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිල දත්ත මගින් ද ප වුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය නිකුත් කළ දත්ත මගින් ද ජනගහන හා ජන ලේඛන සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ දත්ත මඟින් ද  ඉතා පැහැදිලි වනුයේ
ලංකාවේ සමස්ත මන්දපෝෂණ අගය සියයට 20 සීමාවේ පවතින බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ එම අගය සියයට 25 සීමාවෙ  ඇති බවත්ය. තවද අලුතින්ම යාවත්කාලීන දත්ත අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල  අඩු බර දරුවන් ගේ ප්‍රතිශතය 40% ඉක්මවා ඇති බව පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ පරිගණක පද්ධති විශ්ලේෂණයෙන් අවබෝධයක් ලබාගත හැක. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා දේශපාලන අවශ්‍යතා මත දත්ත ඉදිරිපත් කරන නිලධාරීන් විසින් නො මග යවා ඇති බව ඉතා පැහැදිළි වේ.
 
පසුගිය වසර දෙක හමාරක කාලසීමාව තුළදී ශ්‍රී ලංකාවට නවීනතම පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ගෙන්වීමට අසමත්ව  ඇති අතර එම තත්ත්වය සාධාරණීකරණය කිරීම සඳහා ලොව දියුණු රටවල සුනඛයන් සඳහා වත් භාවිතා නොකරන කොබොල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර පිලිකා  ප්‍රතිකාරයකට යොදා ගැනීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී
මෙය  ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් ගේ ජීවන අවදානම ඉතා පහත් ලෙස සැලකීමක් බව අප එම ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කරමින් සඳහන් කිරීමට කැමැත්තෙමු.
 
ලොව  බොහෝ රටවල් කොබොල්ට් පිළිකා ප්‍රතිකාර ක්‍රමය 1980 දශකය වන විට භාවිතයෙන්  ඉවත් කරනු ලැබූයේ එහි කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අඩු මට්ටමක පැවැති බැවින් ද මෙමගින් රෝගීන්ට සිදුවන අතුරු ආබාධ ප්‍රමාණය මිනිසුන්ගේ ජීවන තත්ත්වය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හේතුවක් නොවන බැවින්ය.
 
ලොව බොහෝ රටවල් මෙම කොබෝල්ට් ප්‍රතිකාර ක්‍රමය සුනඛයන් සඳහා වත් භාවිතා කරන්නේ නැත. පසුගිය වසර දෙක හමාරක කාලසීමාව තුළදී ශ්‍රී ලංකාවට අලුතින් නවීන තම පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර ගැනීමට අසමත් වී ඇති අතර ඒ සඳහා ප්‍රදේශ තුනක දැනටමත් ගොඩනැගිලි ඉදිකර ඇති නමුත් නිසි වැඩපිළිවෙලක් නොමැති නිසා ප්‍රාදේශීය වශයෙන් රෝගීන් අපහසුතාවයට පත්වන  බව පැහැදිලිව පෙනී යයි.
 
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුරියවැව කලාපයේ මන්දපෝෂණ තත්ත්වයක් නොමැති බව  සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර මන්ද පෝෂණයක් තිබේද නැද්ද යන්න කොළඹ ප්‍රදේශයේ සීතල කාමර වලට වී අවබෝධ කරගත නොහැකි වන අතර දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කළ යුතු වන්නේ පළපුරුද්දක් සහිත විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් යොදවමින් දිවයින පුරා  දීප ව්‍යාප්ත සමීක්ෂණයක් සිදු කොට සත්‍ය තොරතුරු ලබා ගැනීමය.
 
තවද සෞඛ්‍ය අමාත්‍යවරයා  ප්‍රකාශ කළේ පොහොට්ටුව නම් දේශපාලන පක්ෂයේන් අප සාමාජිකයන් මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි බවයි  මෙය ඉතාමත්ම අසත්‍ය ප්‍රකාශයක් වන අතර අප වෘත්තීය සමිති ව්‍යාපාරයහි  වෛද්‍යවරයෙකු හො කිසිදු පුද්ගලයෙකු පසුගිය මැතිවරණවලදී පොහොට්ටුව .දේශපාලන පක්ෂයෙන් නාමයෝජනා ඉල්ලා නොමැත. එය එතුමා වෙනත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාරයක් සමග  පටලවා ගැනීමක් ලෙස අපට පෙනී යයි..
 
එයට  අමතරව පසුගියදා සෞඛ්‍ය ලේකම්වරයාව වෘත්තීය සමිති නායකයන්ටද මාධ්‍යයට අදහස් පළ කිරීම සීමා කරමින් ලිපියක් නිකුත් කොට ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ කම්කරු ආඥා පනත උල්ලංඝනය කිරීමක් වන බැවින් මේ සම්බන්ධව ඉදිරි කාලයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීම බලාපොරොත්තු වෙමු.
 
වගකිව යුතු වෘත්තිය  ව්‍යාපාරයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යන  තුන්දෙනාටම ප්‍රසිද්ධ රුපවාහිනී නාලිකාවක දී වර්තමාන සෞඛ්‍ය පද්ධතිය සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙස අප ආරාධනා කර සිටින්නෙමු.
 
තවද අප විසින් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස මට්ටමින් පවත්වන  හදිසි ගවේෂණ කටයුතු සඳහා ප්‍රායෝගිකව සම්බන්ධ වන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාට ද ආරාධනා කර සිටිමු. එමගින් ඇතැමි කළ නිලධාරීන් මෙතුමා නොමග  යවන සුළු අන්දමට කටයුතු කිරීම වළක්වා ගත හැකි වෙතැයි විශ්වාස කරමු.
 
දිගින් දිගටම මේ අන්දමට සෞඛ්‍ය සේවය අර්බුද වැඩි වීම හරහා රජය  අපකීර්තියට පත්වන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යවරයා , සෞඛ්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සුදුසුකම් නොමැති ව නිලතලවල රැඳී සිටින  ඉහළ නිලධාරීන් ගැන දැඩි තීරණයක් ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු
 
ස්තුතියි
 
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ 
 
සම කැඳවුම්කරුවන්
 
වෛද්‍ය ජී ජී  චමල් සංජීව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
වෛද්‍ය හිරාන් කරසිංහ
උපුල් හොරණ

රවී කුමුදෙශ්