වෛද්‍ය පරිපාලනය බිඳ වැටිලා - GMOA

GMOA

මේ වන විට පුරප්පාඩු වී ඇති ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන තනතුරු 80කට අධික ප්‍රමාණයක් පිරවීමට නොහැකිවීම හරහා වෛද්‍ය පරිපාලනය බිඳවැටීමට සලස්වා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කරයි.

මේ වන විට පුරප්පාඩු වී ඇති ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන තනතුරු 80කට අධික ප්‍රමාණයක් පිරවීමට නොහැකිවීම හරහා වෛද්‍ය පරිපාලනය බිඳවැටීමට සලස්වා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය බලධාරීන්ට චෝදනා කරයි.

එම තනතුරු අතර රෝහල් අධ්‍යක්‍ෂ තනතුරු මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ තනතුරුද, වැඩබලන පත්වීම් බවට පරිවර්තනය වී ඇතැයිද එම සංගමය පෙන්වා දෙයි. මෙම අර්බුදය සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරිය, සෞඛ්‍ය ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.

මෙම ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම තවදුරටත් සිදු නොවන්නේ නම් ගතයුතු ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධ විශේෂ වාර්තාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය පරිපාලන අනු කමිටුව මඟින් විධායක කමිටුවට භාරදීමෙන් පසු, එය මේ මස පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කොට අවසන් ක්‍රියාමාර්ග සැලසුම් කිරීමට නියමිතව ඇති බව සඳහන් කරයි.

(ද මිරර්)