මේ දින වල පවතින අධික වර්ෂාව හේතුවෙන් රට තුල දිස්ත්‍රික්ක ගණනාවක ගංවතුර සහ නාය යාම් ආදී ආපදා තත්ත්වයන් මතු වී ඇති බවත්, එම ආපදා තත්ත්වය ඉදිරියේදි වඩා උග්‍ර වීමට නියමිත බවත් තොරතුරු වාර්තා වෙමින් පවති.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත් වී ඇති ජනතාවගේ තොරතුරු ලබා ගනිමින් ඔවුන්ට අවශ්‍ය හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආපදා කළමණාකරණයට අදාල සියලු පාර්ශව සමඟ සම්බන්ධිකරණය කරමින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති අතර එම තොරතුරු ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
දු.ක. අංකය - 0774506602
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ඔබ සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් ඉහත දු. අංකයට ඕනෑම මොහොතක අමතන මෙන් දන්වා සිටිමු.

