ICTA අසාර්ථක වූයේ ඇයි ?

ICTA අසාර්ථක වූයේ ඇයි ?

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ (ICTA) ආරම්භ කොට තිබූ ව්‍යාපෘති ගණනාවක් අවසනාවන්ත ලෙස අසාර්ථක වීම කණගාටුවට කරුණක් බව ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් පුලස්ති වන්නිආරච්චි පවසනවා.

2013 වසරේ සිට 2019 දක්වා පාර්ලිමේන්තු කෝප් කමිටු වාර්ථා අධ්‍යයනය කිරීමෙන් රටට වැඩක් කල හැකි කෙතරම් මුදලක් නිකරුණේ නාස්තිවීම වටහා ගත හැකි අතර, එය රටේ අභග්‍යයක් මෙන්ම, ඊට ප්‍රධානම හේතුවක් වන්නේ නුසුදුසු තොරුතුරු තාක්ෂණය පිළිබදව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවල දැනුම පවා නැති පුද්ගලයන් රටේ ඩිජිටල් තාක්ෂණය පිළිබදව තීන්දු තීරණ ගැනීමට මෙන්ම ICTA වැනි ජාතික වැදගත්කමක් ඇති ආයතනය වල ඉහල තනතුරුවලට විටින් විට පත්වීම නිසා මෙම ඉරණම මෙම ආයතනයන්ට අත්වී ඇති බව පුලස්ති අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටකට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් විශාල ප්‍රගතියක් ලෝකයට පෙන්වීමට හැකියාව තිබියදී. කෙටිකාලීන ප්‍රවර්ධන කටයුතු සදහා විශාල මුදලක් වැය කරමින් සිදුකරන ලද අනුවණ ක්‍රියා නිසා අද මෙම තත්වය උදාවී ඇති බවට පෙන්වා දෙනවා.

එමෙන්ම පසුගිය රජය මගින් ඇතිකල ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය මෙම රජය මගින් දිගට පවත්වාගෙන නොයෑම රටක් ලෙස ආපස්සට හැරවීමක් බව ද අවධාරණය කරනවා. එය ඩිජිටල් යටිතල පහසුකම් ලෙස නොව ඩිජිටල් අමාත්‍යාංශය ලෙස නැවත ස්ථාපනය කිරීම මෙම වසංගත තත්වය හමුවේ වුවද විශාල වැඩකොටසක් රටවෙනුවෙන් කල හැකි වෙනවා සේම, අනාගතයේ සහස්‍රක පරපුරේ තාක්ෂණයත් සමග සහ සම්බන්ධව ගෙන ගියොත් ඩිජිටල් තාක්ෂණයේ විශාල දියුණුවක් රටට අත්පත් කරගත හැකි බව පුලස්ති වන්නිආරච්චි වැඩිදුරටත් පෙන්වා දෙනවා.