සමරිසි (LGBTIQ) සබඳතා පිළිගැනීම යහපත් - ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය

සමරිසි (LGBTIQ) සබඳතා පිළිගැනීම යහපත් - ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය

දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති කටු ගා දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ පුද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ ඓතිහාසික තීන්දුව ලැබීමට නියමිත මොහොතක ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය ශ්‍රී ලංකාවේ LGBTQI ප්‍රජාවට සහයෝගීතාවය පළ කරන බව දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යය සඳහා වන ඉහළම වෘත්තීය ආයතනයක් ලෙස පිළි ගැනෙන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය සඳහන් කරන්නේ විෂමලිංගික නොවන විවිධ ලිංගික හා සමාජභාවී අනන්‍යතා නිර්-සාපරාධීකරණය කිරීම මඟින් සමානාත්මතාවය තහවුරු වීමෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා සෞඛ්‍ය සේවා ලබා ගැනීමට පුරවැසියන්ට වඩා හොඳ  ප්‍රවේශයක් උදා වනු ඇති බවයි.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය LGBTIQ ප්‍රජාව ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ලිංගික සහ ප්‍රජනන අයිතිවාසිකම් පිළිබඳ සේවා සපයන ආයතනයක් වශයෙන් තාක්ෂණික විශේෂඥතාව ලබා දීම, මහජනතාව දැනුවත් කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදන සංවාද ආරම්භ කිරීම වැනි සේවා සඳහා ප්‍රමුඛත්වය ගෙන තිබේ.

2018 දී ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය පිළිබඳ කතිකාවක් "Montage of Sexuality in Sri Lanka" නමින් කෘතියක් ප්‍රකාශයට පත් කරමින්, පුරවැසියන්ගේ ජීවිත මුල්කොටගෙන, පුරවැසි දෘෂ්ටිකෝණයකින් ඔවුන්ගේ ලිංගිකත්වය, සමාජභාවය සහ සෞඛ්‍ය සහ විෂම ලිංගික නොවන විවිධ ලිංගික හා සමාජභාවී අනන්‍යතා නිර්-සාපරාධීකරණය වෙනුවෙන් පෙනී සිටින ලදී.

CCPS 2023

(leader)