Lockdown ප්‍රදේශවල වෙනසක් -මෙන්න අලුත්ම නිවේදනය

Lockdown ප්‍රදේශවල වෙනසක් -මෙන්න අලුත්ම නිවේදනය

රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද(09) අලුයම සිට හුදකලා(Lockdown) කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශකර තිබේ.

ඒ අනුව,

රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ පනාපොළ, කුඩුමිටිය, කුඩව, දෙල්ගොඩ නැගෙනහිර, දෙල්ගොඩ බටහිර, දව්ගලගම,ගඟලගමුව, කොස්වත්ත, තපස්සරකන්ද , වතුරාව , වෙම්බියගොඩ , වැද්දාගල නැගෙනහිර , වැද්දාගල බටහිර , දවුගලගම යන ග්‍රාම නිලධාරී වසම් ද ,

රක්නාව කලවාන පොලිස් බල ප්‍රදේශයේ දෝලේ කන්ද , රඹුක, කත්ලාන , තණබෙල, ඉළුඹකන්ද, පොතුපිටිය දකුණ ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර තිබේ.

මීට අමතරව,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ළිදුල පොලිස් බල ප්‍රදේශයේ ශාන්ත කුම්බර්ස් වතුයාය ද හුදෙකලා කළ බව යුද හමුදාපතිවරයා පැවසුවේ ය.

එමෙන්ම,

කළුතර දිස්ත්‍රික්කයේ නාරම්පිටිය ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කර තිබේ