උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් ගැන කතිකාවක්

උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබා දීමේ වැඩපිළිවෙළක් ගැන කතිකාවක්

උපාධිධාරීන්ට වාර්ෂිකව රැකියා ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන මෙන් ඉල්ලා සිදු කරන Online උද්ඝෝෂණයක් හෙට දින පවත්වන බව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

වාර්ෂිකව රැකියා විරහිත උපාධිධාරීන් සඳහා රැකියා ලබා දීමේ දී විධිමත් වැඩ පිළිවෙලක් නොමැති කමින් උපාධිධාරීන් බොහෝ දෙනෙකු අසාධාරණයට පත්වේ. මෑත කාලීනව සිදු කරන ලද උපාධිධාරීන් හට රැකියා ලබා දීමේ වැඩ පිළිවෙල යටතේ ද

  • 2019/12/31 දිනට උපාධි වලංගු සැමට රැකියා ලබා නොදීම,
  • 2020 සිට උපාධිය වලංගු වුවද රැකියා අවස්ථාව නොලැබීම,
  • විශ්ව විද්‍යාලවල විභාග නොපැවැත්වීම නිසා උපාධිය ලබා ගැනීමට ප්‍රමාදවීම,
  • EPF/ETF ගැටළු නිසා රැකියා අවස්ථාව අහිමි වීම,
  • දේශීය වෛද්‍ය උපාධිධාරීන්ට රැකියා අහිමි වීම.

යන තත්වයන් යටතේ උපාධිධාරීන් බොහෝ පිරිසක් රැකියා විරහිතව දැඩි පීඩනයකට පත්ව සිටි.

එම ගැටළු විසාඳා ගැනීමට මෙන්ම උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ ජාතික වැඩ පිළිවෙලක් සකස් කරන මෙන් ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය විසින් ජූනි 09 පෙ.ව 10.00 ට Online (Zoom) හරහා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

ඒ සඳහා පහත Link එක ඔස්සේ එම උද්ගෝෂණයට සම්බන්ධවිය හැකි බව වැඩිදුරටත් සඳහන් කර ඇත. Zoom_Link - Meeting ID: 882 1859 1432 - Passcode: 1234