වැඩකට නැති PCR ප්‍රතික්‍රීයක සංචිත සමාගම් සනසවන නාස්තියක් - ප්‍රභේද අනුමාන කල හැකි ප්‍රතික්‍රියක අත්‍යාවශ්‍යයි

වැඩකට නැති PCR ප්‍රතික්‍රීයක සංචිත සමාගම් සනසවන නාස්තියක් - ප්‍රභේද අනුමාන කල හැකි ප්‍රතික්‍රියක අත්‍යාවශ්‍යයි

විශේෂ අවධානයට ලක්විය යුතු ප්‍රභේද (Variant of Concern -VoC) ප්‍රභේද හතරෙන් තුනක්ම අප රට තුල ව්‍යාප්තව පවති. නමුත් රට තුල තවමත් පවතින්නේ ප්‍රභේද හදුනා ගත හැකි එකම එක ජාන අනුක්‍රමික විශ්ලේශක යන්ත්‍රයක් පමණි.

දැනට බහුල ලෙස ගබඩා කරමින් පවතින, සංවේදිතාවයෙන් අඩු සාම්ප්‍රදායික PCR ක්‍රමය තුල එම තත්වයට මුහුණ දීම කිසිසේත්ම කල නොහැක.

එසේම, ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රියාවලිය අසාර්ථක සහ විධිමත් වීම හේතුවෙන්ම හේතුව නිසාම, එක්සත් රාජධානියෙහි ප්‍රභේදය මෙන්ම ඉන්දියානු ප්‍රභේදය ද රටට කාන්දුවීමෙන් රටට අත්ව ඇති ඉරණම අතිශෝක්තියෙන් කිව යුතු නොවේ.

එනයින් ප්‍රභේද අනුමාන කිරීමේ ප්‍රතික්‍රියක කට්ටල පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු නොකොට, සාම්ප්‍රදායික අඩු සංවේදී, ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ පරීක්ෂණ කට්ටල තොග ගොඩගසා ගැනීමට උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට තිබේ.

PCR පරීක්ෂණ කට්ටල මිලියන විස්සක් ගබඩා කරන බව පුන පුනා කියන රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය, එම පරීක්ෂණ කට්ටල භාවිත කරන වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයනපිළිහෝ අවශ්‍ය PCR කට්ටල පිළිබදව හෝ කිසිදු විමසීමක් සිදුකර නැත.

එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශ්ලේශක යන්ත්‍ර ගණනාවක් මේ මොහොතේ ක්‍රියා විරහිතව ඇත්තේද, ඊට අදාළ ප්‍රතික්‍රීයක ලබා නොදීම හේතුවෙනි. සංවේදී ප්‍රතික්‍රියක නොලැබීමත්, ඒ හේතුවෙන් අත්‍යවශ්‍ය යන්ත්‍ර ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිවීමත් හේතුවෙන් රසායනාගාර වල වේගය අඩාල වීමත්, දැරිය හැකි නො හැකි ප්‍රමාණයට පරීක්ෂණ පැමිණීමත්, සැපයුම් පද්ධතිය අතිකාල සේවා වැනි අවශ්‍යතාවයන් පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොවීමත්, හේතුවෙන් බරපතළ අර්බුදයකට ලක් වෙමින් තිබෙන රසායනාගාර සේවාව, විධිමත් යාන්ත්‍රණයකින් යුක්තව පවත්වා ගැනීම සදහා සියළු පාර්ශ්වයන්ගෙන් යුත් තාක්ෂණික කමිටුවක් පත්කරන ලෙස අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සති දෙකක් ගතවී ඇති නමුත් ඊට ප්‍රතුචාර නොලැබී ඇති බවද, එම තත්වය හමුවේ ඉදිරියේදී රසායනාගාර සේවාව අර්බුදයකට ලක් වුවහොත් එහි වගකීම අදාල බලධාරීන් විසින්ම භාරගත යුතු බව, අප දැඩිව අවධාරණය කරමු.

රවී කුමුදේශ්
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය