මැද පෙරදිග සේවයට යන අයගෙන් කටුනායක ගුවන් කොටුපලේදී PCR එකකින් රුපියල් දාහක අල්ලසක්

මැද පෙරදිග සේවයට යන අයගෙන් කටුනායක ගුවන් කොටුපලේදී PCR එකකින් රුපියල් දාහක අල්ලසක්
  • මැදපෙරදිග යන ශ්‍රමිමිකයන්ගේ ක්ෂණික PCR, ඇමතිලාගේ සහ ගෝලයන්ගේ ඉල්ලමක් කර ගන්න හදනවා.
  • සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගුවන් සේවා අමාත්‍යාංශය මැද පෙරදිග යන රටේ අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දාලා, මාෆියාකාරයන්ගේ මඩි තර කරන්න බොරු සැලසුම් හදනවා.
  • ඇමතිලා රාජ්‍ය ඇමතිලා, යාළු ඇමතිලා අගමැතුමාව සහ ජනාධිපතිතුමාව දෙකට බෙදාගෙන හිරිකිත නැති බිස්නස් අරගලයක.

මැද පෙරදිග රාජ්‍යන් සදහා ඇතුලු වීම සදහා,  ගුවන් ගත වීමට  පැය 3කට පෙර PCR පරීක්ෂාවක් අවශ්‍ය බවට නීතියක් පැනවුණ අතර එය පසුව පැය 6කට පෙර බවට සංශෝධනය විය. එම නිතිය එම රාජ්‍යන් විසින් පැන්වූ නීතියක්ද, නො එසේ නම් එමිරේට් ගුවන් සමාගම විසින් පනවන ලද්දක්ද යන්න පවා පැහැදිලි  කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නොමැති නමුත්, එය ව්‍යාපාරික ඉල්ලමක් කර ගැනීමට දෙපාර්ශවයම කඹ අදිමින් සිටින බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ.

මෙම අවශ්‍යතාවය ඉටු කරදෙන ලෙස සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පසුගිය අගෝස්තු මාසයේ විමසා ඇති අතර, සෞඛ්‍ය ලේකම් වරයා ඒ සදහා ලබා දී ඇති ඔහුවත් නොදන්නා තාක්ෂණයක් පිළිබද ලබා දුන් උපදේශය හරහා මෙම මාෆියාවට පාර කපන ලදී.

ඒ අනූව ඒවන විටත් පැය තුනක කාලයක් ඇතුලත PCR පරීක්ෂාවක් සිදු කිරීමට ගුවන්තොටුපල පරිශ්‍රයේ පවතින රසායනාගාර දෙකකට ඉතා හොද හැකියාවක් පැවතියදී, ඒ වන විටත් ටෙන්ඩර පටිපාටිය උල්ලංගනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොඩ බෑමට වලි කමින් සිටි, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පවා නොමැති යන්ත්‍රයක නම සදහන් කරමින් පෞද්ගලික රසායනාගාර කිහිපයක් මගින් එම අවශ්‍යතාවය ඉටු කර ගන්නා ලෙස, 2021.08.09 දින වගකීම් විරහිත ලිපියක් නිකුත් කිරීම මෙම ගසාකෑමේ ව්‍යාපාරික තරග මාලාවේ ඇරඹුමයි.

කෙසේ නමුත් එතැන් සිට කෙටිකාලයකින් සිදු කල යුතු PCR සදහා කෙතරම් වේගයෙන් කල හැකි තාක්ෂණය තිබුණද, ලේකම් වරයා නම් කල යන්ත්‍රවලට එය සීමා වී ඇති අතර, එම තාකෂණික කාරණය පිළිබදව සෞඛ්‍ය ලේකම් වරයා උපදෙස් ලබාගෙන ඇත්තේ කිනම් පාර්ශවයකින්ද යන වග තවමත් පැහැදිලි නැත.

කෙසේ නමුත් මේ වන විට මැද පෙරදිග ගුවන් මගීන්ගේ රැපිඩ් PCR සිදු.කිරීම සදහා ගුවන්තොටුපල රථ ගාලේ ගල උඩ සටනක් ආරම්භ වී ඇති අතර, අදාල රසායනාගාර වලටත් වඩා එම සටන ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ කොමිස් වුවමණාව මත සිදු කෙරෙන්නක් බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ.

ගුවන් තොටුපල බලධාරීන් විසින්, 2021. 11. 02 දින ටෙන්ඩරයක් කැදවා ඇති අතර,   එක් පරීක්ෂාවකින් රු 1000ක් ගුවන් තොටුපලට කොමිස් මුදලක් වශයෙන් අවශ්‍ය බවට ටෙන්ඩරයේම සදහන් කරන තරමට, මහ ජනතාව ගසාකන කොමිස් තරගය නිර්ලජ්ජිත ලෙස ඉහලට පැමිණ ඇත. එසේම ටෙන්ඩරයට සහභාගීවන දිනය වන විටත් නාරාහෙන්පිට ප්‍රදේශයේ එක්තරා රසායනාගාරයකට "රථ ගාල් ලැබ්" සංකල්පය යටතේ කූඩාරමක් ගසා ගැනීමට ගුවන් තොටුපල බලධාරීන් අවසර දී තිබීම මගින් ගොනා හැරෙන්නේ කුමකටද යන්න තේරුම් ගත හැකව තිබුණි.

රසායනාගාරයක් හෝ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීම සදහා පෞද්ගලික වෛද්‍ය නියාමන අධිකාරියේ අවසරය තිබිය යුතු අතර, PCR පරීක්ෂණ සිදු කෙරෙන ඕනෑම ස්ථානයක් සදහා සෞඛ්‍ය.අමාත්‍යාංශ අවසරයක් තිබිය යුතුය. නමුත් එම තීරණ අභිබවමින් අධි ආරක්ෂිත කලාපයේ තිබෙන ගුවන්තොටුපල රථ ගාලේ එලෙස නිසි පැවරුමක් නොමැතිව කඩිමුඩියේ රසායනාගාර කූඩාරම් හැදීමේ අවසරය ලබා දීමට එසේ මෙසේ බලවතෙකුට නොහැකි බව ඉතා පැහැදිලිය.

මේ සියල්ල සිදු වන්නේ සෞඛ්‍ය කැබිනට් ඇමතිවරුන්ගේ පාළණය යටතේ හා සංචාරක හා සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා යටතේ වෙන් වෙන් වශයෙන් සුපිරි රසායනාගාර දෙකක්  ගුවන්තොටුපල පරිශ්‍රය තුල ක්‍රියාතමකව පැවතිදී වීම, මගින් මෙම මාෆියාවේ තරම පිළිබදව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ තේරුම් ගැනීම සදහා වැදගත්වනු ඇත.

ගුවන් තොටුපලේ රථ ගාල සිකුරාදා පොල වගේ. එක එක ලැබ් කුඩාරම් වලට බදු දීලා. ඇමතිලාගේ සහ නිළධාරීන්ගේ PCR කොමිස් සදහා තරඟෙට මැද පෙරදිග යන ශ්‍රමිකයන්ව ගසා කනවා. සෞඛ්‍ය ලේකම් කැමති කැමති විදිහට කරගෙන යන්න රසායනාගාර සින්නකරව වෙලෙන්දන්ට ලියලා දීලා. රාජ්‍ය ඇමතිවරු, කැබනට් ඇමතිවරු කොමිස් බෙදා ගන්න ගල උඩ සටනක.

රවී කුමුදේශ්, සභාපති, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය