PHI සංගමයේ සභාපතිගෙන් කොවිඩ් අනු පොකුරු ගැන යළි රතු එළියක්

PHI සංගමයේ සභාපතිගෙන් කොවිඩ් අනු පොකුරු ගැන යළි රතු එළියක්

නව ආසාදිතයින් හඳුනාගන්නා ප්‍රදේශවල සංචරණ කටයුතු සීමා කිරීම් අප්‍රමාදව සිදුකළ යුතු බව  මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බවත් ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ඇතැම් ප්‍රදේශවලින් ද මේ වනවිට යළිත් නව ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බවත් ඔහු සදහන් කළේය.

විශේෂයෙන් කොළඹ මහනගර සීමාවෙන් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව ද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර ඊයේ (28) දිනයේ නව ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගැනීමත් සමග බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 908 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මාධ්‍ය වෙත හෙළි කළේය

ආසාදිත පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 52 දෙනෙකු ද සිටින බවයි උපුල්දෙණිය මහතා සදහන් කළේ.