කොරෝනා පැතිරීම යම් ප්‍රමාණයකට අඩුවෙලා - PHI සංගමය

කොරෝනා පැතිරීම යම් ප්‍රමාණයකට අඩුවෙලා - PHI සංගමය

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යම් තරමක පහළ යෑමක් ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යම් තරමක පහළ යෑමක් ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. විශේෂයෙන් ජනතාව සෞඛ්‍ය පුරුදු නිසි ලෙස ක්‍රියාත්මක කිරීමත් එන්නත්කරණයත් හේතුවෙන් රෝග ව්‍යාප්තිය පහළ යෑමේ අගයක් ගන්නා බව ඒ මහතා පවසයි. කෙසේ වෙතත් ජනතාව නිතර අත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, මීටරයක පරතරය තබාගැනීම වැනි ඉතාමත් පහසු ක්‍රමවේද අනුගමනය කිරීම මත තවත් කෙටි කාලයක් තුළ රෝගය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව ඒ මහතා කීය.

කොරෝනා මරණ වළලන්න දූපතක් සොයයි කොවිඩ් ආසාදනයවී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය සඳහා රජය අවසර දීමත් සමග එම භූමදාන කටයුතු කිරීමට සුදුසු ජනශූන්‍ය දූපතක් භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවී ඇත. ඊට අදාල දූපතක් හඳුනාගැනීමට මේවනවිට අමාත්‍යංශය කටයුතුකරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.