වතු කම්කරුවෝ සහන ඉල්ලා උද්ඝෝෂණයේ (PHOTO)

වතු කම්කරුවෝ සහන ඉල්ලා උද්ඝෝෂණයේ (PHOTO)

හැටන් කැරොලින් වතුයායේ ඉතා දිළිදු මට්ටමේ අඩුආදායම්ලාභී පදිංචිකරුවන් සංචරණ සීමා පැනවීමත් සමග තමන්ට ජීවිත්වීමට මාර්ගයක් සලසන ලෙස ඉල්ලා පසුගියදා හැටන්-කොළඹ මාර්ගයේ උද්ඝෝෂණයක නිරත විය. මෙම උද්ඝෝෂකයින් අතරින් වැඩිපිරිසක් එම වතුයායේ සේවකයන් නොවන අතර ඔවුන් එහි පදිංචිකරවුවන් බව ප්‍රකාශ කලහ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිටින දෙමළ දේශපාලඥයින් තමන්ගේ දුකසැප බලන්න එන්නේ මැතිවරණ කාලයේදී පමණක් බවත් ඉන්පස්සේ ඔවුන් දකින්නට නොලැබෙන බවත් ඔවුන් චෝදනා කලේය.

මේ පිරිසේ සිටින අය අදහස් දක්වමින් පැවසූවේ, දිනපතා දරුවන්ට කෑම ටිකක් සොයා ඇවිදීමට සිදුවන බවත් එය දිනපතා කළ නොහැකි බවත්, තමන්ට හිමි රුපියල් 5000 මුදලවත් ලබාදීමට කටයුතු කලයුතු බවත් පැවසීය.

“මගේ වකුගඩු දෙකම නරක්වෙලා. රෝහල යාමට ගමන්වියදම් සොයා ගැනීමටවත් නොහැකි වෙලා තියෙන්නේ. පොදු පහසුකම් නොමැති කමින් අපි තවත් දුෂ්කර තත්ත්වයකට ඇද දමලා. අපි ගැන බලන්න කවුරුත් අවේ නෑ.“

“රුපියල් 5000 ලබාගැනීමට ග්‍රාමසේවක මහතා හමුවෙන්න ගියා ඔහු පැවැසුවේ ඔබ ඡන්දය දුන්නේ රජයට නොවන නිසා එය ඔබට නොදිය හැකි බවයි.“

එක් කාන්තාවක් පැවසුවේ ඇය “දිනපතා කිලෝමීටර් අටක් පමණ ඇවිදිමින් කුලී වැඩකරමින් දරුවන්ට කෑම ටිකක් සොයා ඇවිදින බවයි.“

ඔවුන් ඉල්ලා සිටින්නේ අපි බඩගින්නේ මැරෙන්න ඉඩහරින්නේ නැතිව, සංචරණ සීමා ඉවත්කරන ලෙසත්, එසේත් නොවන්නේ නම් රජයෙන් ලබාදනෙ රු. 5000/= ලබාදීමට කටයුතු කරන ලෙසත්ය.

මෙම උද්ඝෝෂණ ස්ථානයට වටවල පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ උද්ඝෝෂකයන් අතර සාකච්ඡාවක් කර පිරිස පිටත් කිරීමට කටයුතු කළ අතර, පැයක පමණ කාලයක් සාමාකාමිව උද්ඝෝෂණය පිරිස විසිර ගියේය.

This image has an empty alt attribute; its file name is w4.jpg

This image has an empty alt attribute; its file name is w5.jpg

This image has an empty alt attribute; its file name is w7.jpg

This image has an empty alt attribute; its file name is w8.jpg

This image has an empty alt attribute; its file name is w2.jpg

This image has an empty alt attribute; its file name is w3.jpg

This image has an empty alt attribute; its file name is w1.jpg