කම්කරුවාගේ රැකියා සුරක්ෂිතාවයක් නැහැ - RED සංවිධානය

කම්කරුවාගේ රැකියා සුරක්ෂිතාවයක් නැහැ - RED සංවිධානය

මැයි දිනය කම්කරුවාගේ දිනයයි. කොවිඩ් වසංගතය හමුවේ කම්කරු අයිතීන් සඳහා පෙළගැසෙන මැයි දිනය සැමරීමට නොහැකි වීම සම්බන්ධව RED සංවිධානය ලෙස අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.

covid වසංගතය හේතුවෙන් නිදහස් වෙළඳ කලාප වල සේවක සේවිකාවන් පත්වූ තත්ත්වය පිළිබඳව විස්තර කිරීමට වචන නැති තරම්.

විශේෂයෙන් නිදහස් වෙළෙඳ කලාපවල manpower කම්කරුවන් රැකියා සුරක්ෂිතතාවය පිළිබඳව විශාල ලෙස අසීරුතාවයන්ට පත්වී රැකියාවන් අහිමි ව මේ වන විට යාන්තමට ජීවිකාව ගැට ගසා ගන්නා තත්වයකට පත්ව සිටිනවා.

අද නිදහස් වෙළෙඳ කලාපය කම්කරුවන්ගේ රැකියා වල සුරක්ෂිතතාවයක් නැති, කම්කරුවන් පිළිබඳ වගකීමක් ගන්න කෙනෙක් නැති, ඔවුන් සඳහා නිසි සමාජ සංරක්ෂණ ක්‍රමයක් නැති කෙටියෙන් කියතොත් කම්කරුවන්ට ඔවුන්ගේ හෙට දවස පිළිබඳව නිශ්චිත තාවයක් නැති තැනක් බවට පත්වී තිබේ.

එම නිසා තවත් ලෝක කම්කරු දිනයක් උදා වී ඇති මේ මොහොතේ අපි බලධාරීන්ගෙන් ඉතා ඕනෑ කමින් සහ වගකීමෙන් ඉල්ලා සිටින්නේ
කම්කරුවාගේ අයිතීන් උදුරා ගැනීම සඳහා කටයුතු සකස් කරන්න එපා.

ඔවුන්ගේ සාංගමික නිදහසට අත තියන්න එපා.

ඔවුන්ට කම්කරුවන් ලෙස විශේෂයෙන් කාන්තා සේවිකාවන් ලෙස සමාජ ගරුත්වයක් ඇතිව නිදහසේ, වඩාත් සුරක්ෂිත සේවා පරිසරයක් තුළ ඔවුන්ට සුනිසි මෙහෙවර කළ හැකි තත්ත්වයක් ඇති කරන්න කියාය.

ලෝක කම්කරු දිනය ට ජය වේවා !
නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට ජයවේවා !
සකල ලෝකවාසී සමස්ත කම්කරුවන්ට ජයවේවා !