UGC සභාපතිවරයාගේ මතභේදකාරී භූමිකාව ප්‍රශ්න කරති

prof-sampath-amarathunge

UGC යේ කාර්‍යය සරසවි පද්ධතිය රැක ගැනීමද? කොතලාවල රැක ගැනීමද? වෘත්තීය සමිති හා බහුජන සංවිධාන

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලා සිටිමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 85ක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලට තවදුරටත් සිවිල් සිසුන් බඳවා ගැනීමේ නීතිවිරෝධී ක්‍රියාවලියේ දී සභාපතිවරයාගේ මැදිහත්වීම ප්‍රශ්න කෙරේ.

මේ සංවිධාන විසින් සභාපතිවරයා වෙත යවනු ලබන ලිපියක් මගින් ඔහු වෙත දන්වා සිටින්නේ කොතලාවල සරසවි පරිපාලක මණ්ඩලය තුල UGC හි නියෝජිතයා ලෙස ඔහු විසින් කල යුතුව තිබුනේ කොතලාවල සරසවියට සිවිල් සිසුන් අළුතෙන් බඳවා ගැනීමේ නීතිවිරෝධීභාවය පෙන්වාදීම බවයි.

ඒ අතරම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුල දැනටමත් සිටින සිසුන් 100ක් කොතලාවල සරසවියට බඳවා ගැනීමේ පරිපාලක මණ්ඩල තීන්දුවට දායක වීම දායක වීම හරහා නීත්‍යානුකූල උපාධි ලබාගැනීමට එම සිසුන්ට තිබූ අවස්ථාව අහිමිකර ඔවුනගේ අනාගතය අනතුරේ හෙලා ඇති බවයි. සභාපතිවරයාට යැවූ එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

protect education Page 1

protect education Page 2

protect education Page 3

protect education Page 4

protect education Page 5