උපාධිධාරී අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

උපාධිධාරී අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

රැකියා විරහිත උපාධිධාරීන්/ඩිප්ලෝමාධාරීන් සඳහා අභ්‍යාසලාභී පුහුණුව ලබා දීම  -2020 වැඩසටහනේ දෙවන අදියර මඟින් 2021.02.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පුහුණුව සඳහා අනුයුක්ත කරනු ලබන නිලධාරීන්ගේ නම් සඳහන් ලේඛන රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර තිබෙන අතර එම ලේඛනවල නම් සඳහන් සුදුස්සන් 2021.02.01 දින අදාළ ප්‍රාදේශීය ලේකම් වෙත වාර්තා කළ යුතු බව නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ප්‍රකාශකර ඇත්තේ 2021 .02.08 වෙනි දින වන විට පුහුණුව සඳහා වාර්තා නොකරන නිලධාරීන් අහ්‍යාසලාභී පත්වීම් භාර ගැනීම ප්‍රතික්ෂේප කළා සේ සලකා කටයුතු කරන බවයි. ඉන් පසුව ඉදිරිපත්කරන ඉල්ලීම් කිසිදු හේතුවක් නිසා සලකා නොබලන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.
 

මේ පිළිබඳ සම්පූර්ණ දැනුම්දීම බැලීමට මෙතන ක්ලික් කරන්න