මල්වැන්නගේ මල් වැනි සමුගැන්ම...

මල්වැන්නගේ මල් වැනි සමුගැන්ම...

අපි පශ්චාත් උපාධි සිසුන් කාලේ ඒ නම ඇසූ පමණින් සිහියට ආවේ මහ රෑ දොළහට තනිපංගලමේ කනත්තක් මැදින් යද්දි වගේ හැගීමක්, ඒ තරම් බයක්!

ඒ හරි වෙලාවට , හරි දේ නොකර මාට්ටු වුනොත් ආයේ ලොවෙත් නැති තරමට වැඩ සිද්ධවෙනවා කියලා ආයේ ටක්කෙටම දන්න නිසා.

එදා භයෙන් තැතිගෙන ඇගෙන් ප්‍රජා වෙද්‍ය විද්‍යාවේ මුලකුරු ඉගෙනගත්තත් පසු කාලෙක තමයි තේරුනේ ඇගේ කැමැත්ත වුනේ තම ගෝලයන් තමන් ආ දුරටත් ඒහා දුරක් ගිහින් මෙරට පොදු ජනතාවගේ සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා දකින්න ඇය තුල තිබුනු කැමැත්ත ඒ තරවටු කිරීම්වල පසුබිම බව...

බොහෝම දෙවෝපගත විදියට ඇයත් මමත් නැවත මුණගසෙන්නේ එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල හා ජාතික කළුතර සෞඛ්‍ය විද්‍යාතනය , නැත්නම් අපි කවුරුත් දන්න NIHS එක ඒකාබද්ධව කරපු පුහුණු සැසියකදි. මම එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල පැත්තෙනුත් ඇය NIHS එක පැත්තෙනුත් සම්පත් දායකයින් විදියට වැඩසටහන මෙහෙයවනවා. දිවා ආහාරයට  පෙර නැවත පැමිණීමේ බලාපොරොත්තුවෙන් පිටව යන ඇය සවස් වන විටත් නැවත නොපැමිණි නිසා කරුණු හොයනකොට තමා දැනගන්නේ ඇය NIHS එකෙන් ස්ථාන මාරු ලැබ ඇගේ නව සේවා ස්ථානයට වාර්තා කලා කියලා.

මට එකපාරටම හිතුනේ ඇගෙන් ප්‍රජා වෙද්‍ය විද්‍යවේ මුලකුරු ඉගෙන ගෙන, ඇගේ අවසන් පුහුණු සැසියේදී ඈ සමගම සම්පත් දායකයෙකු වෙන්න ලැබීම මා ලද මොනතරම් භාග්‍යයක්ද කියන එක!

ජීවිතය හරි පුදුමාකාරයි....

මල්වැන්න මැඩම්, සිය  වෘත්තීය ජීවිතයෙන් වැඩි කොටසක් මෙරට ප්‍රජා වෙද්‍ය විද්‍යාවේ අංකුර , අතු පතර විහිදී යන මහා වෘක්ෂ කරන්න ඔබතුමිය ලබාදුන් දායකත්වය , ප්‍රජා වෙද්‍ය විද්‍යාව නම් බිමේ සදහටම සටහන් වී අවසන්!

ටිකක් වුනත් කේන්ති ගත්තට කමකුත් නෑ, හැබැයි මල්වැන්න මේ රටේ ප්‍රජා වෙද්‍ය විද්‍යාවට හැමදාම මලක්

චිරං ජයතු මැඩම් !

ඔය ජායාරූපය ගත්තේ ඈ NIHS එකේ පුහුණු අධ්‍යක්ෂක ලෙස මා සමග කරපු අවසන් පුහුණු සැසියේදී ......

| කොඩී